IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.

පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් වාහන 8ක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු එහි කැඳවනු ලැබ සිටී.

 



අදහස් (11)

ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකයට

පිටිගල මිලානෝ Monday, 18 December 2017 05:39 AM

මේ අයව වේගයෙන් ලොකු පුටු වලට ගෙනාවේ තමන්ගේ හොර වැඩ ටික කරගන්නයි.

:       330       273

dahamMonday, 18 December 2017 09:18 AM

ඔහේ ඔය කියන්නේ රනිල් මහබැංකුවේ අධිපතිකමට මහේන්ද්‍රන් ගෙනාපු එක ගැන නේද?

:       113       236

Rohana Monday, 18 December 2017 06:36 AM

ඩීල් වලට බිය නොවෙනු ...

:       0       3

saliya Monday, 18 December 2017 07:09 AM

ලොකු කට්ටිය චන්දෙට එකතු වුනා නම්, අද මේ දුක නැහැ නේද මේ අයට?

:       0       29

nandana Monday, 18 December 2017 07:27 AM

රටේ වුණු සෑම මහාපරිමාණ හොරකමක්, වංචාවක් පසුපසම ඉහල නිලධාරින්ද ඇත. ඇමතිලාට තනිවම නීත්‍යානුකූල වැඩක් හො නීත්‍යානුකූල නොවන වැඩක් කළ නොහැකිය. එළවන්නේ මැති, ඇමැතිලාලේ වැරදි පමණි.

:       190       616

banduMonday, 18 December 2017 08:21 AM

සද්ගුණවත් නිලධාරි පැලැන්තිය. ඇමතිලාට වඩා වරප්‍රසාද මෙයාලා ගන්නවා. මේ අයගේ වැරදි හොයන්න කවුරුත් නැහැ. අද තමයි මෙහෙම හරි හොයන්නේ. ඇමති කිව්වයි කියලා මෙයාලට අතසෝදාගන්න බැහැ. ඇමති කියන දේ කරලා තමන්ටත් වාසි ගන්න නෙමෙයිනේ රජයේ වැටුපක් ගෙවලා යාන වාහන දීලා රස්සාවක් දෙන්නේ. අහුවුනොත් කියන්නේ “අනේ අපි මුකුත් දන්නේ නැහැ. කිව්ව නිසා කළා“ අහුවුනේ නැත්නම් ලොකු ලොක්කන්ගෙන් තුටු පඬුරු ලාභ ප්‍රයෝජන.

:       1       155

narada Monday, 18 December 2017 08:31 AM

පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඇවිල්ලා යන එක මහා කාරියක්ද? යනවා එනවා විතරනේ. දඩයක් ගැහුවොත් පිණ්ඩපාතේ යන්න අය ඉන්නවා. හිරේ යැව්වොත් රෝහල් ගතවෙනවා...

:       11       538

Prabath Monday, 18 December 2017 09:18 AM

මෙයාගේ අර සිල්රෙදි නඩුවට මොකද වුනේ? ඇපිල් කරපු එක. අනේ මෙහෙම යහපාලන ආණ්ඩුවක් කිසිම හොරෙක්ගේ නඩුවක් හරියට කලේ නැහැ. ලැජ්ජයි කියන්න. හොරුන් අතටම අහුවෙනවා නීතියේ හිල් වලින් පැනල යනවා. යහපාලනයට ඡන්දෙ දුන්නට අපිටම ලැජ්ජයි.

:       0       219

parakkrama -AdelaideMonday, 18 December 2017 01:28 PM

නීතියේ හිල්වලින් පැනලා යනවා නොවෙයි. ඕකට කියන්නේ සිදුරු වලින් යන්නේ නැතිව කෙලින් හිටගෙනම යන්න කියලයි.

:       0       0

siri Monday, 18 December 2017 09:22 AM

ඔතෙන්ට ගිහිල්ලා ගිහිල්ලා දැන් මෙයාට එපාවෙලා ඇති. ඔහොම ගිහිල්ලා සමහරවිට මේ කරච්චලෙන් බේරෙන්න වැරැද්ද පිළිඅරගෙන "රුපියල් දාහක" විතර දඩයක් ගෙවන්න කැමතිවෙයිද දන්නෙත් නැහැ.

:       0       8

Hafeel Monday, 18 December 2017 12:36 PM

මේකත් අර සිල්රෙදි නඩුවගේ තමයි. මහජන මුදල් නාස්ති වෙනඑක පමණයි. අද රාත්‍රී රනිල් - මහින්ද සාකච්ඡාවක් කොහේ හරි ඇති...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 974 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site