( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සිල් රෙදි නඩුවට අදාළව ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
ලලිත් වීරතුංග මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සම අද (2) අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කාංචන රත්වත්තේ මහතා පැවසුවේ තම සේවාදායකයාට රාජකාරී සහ පෞද්ගලික හේතුන් මත ඕස්ටේ‍්‍රලියාවේ සහ කටාරයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති බවයි.
දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 20 වැනි දා සිට අපේ‍්‍රල් 30 වැනි දා දක්වා කාල සීමාව සඳහා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සියලූ කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට තීන්දු කළේය.
කටාරයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ පෞද්ගලික සංචාරයකට විදෙස් ගත වීමට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබේ.
COMMENTS
රටේ දේපොළ හොරාකන වංචාකරන අයට යන්න වෙන්නේ ඕස්ට්‍රේලියා නොවෙයි නරකාදියටයි.. පුදුම වැඩේ කියන්නේ මෙවැනි තුච්ඡ වැඩ කරලත් මොවුන් අායෙමත් රට කරන්න ඉල්ලන එකයි, මැටි ජනතාව මොවුන්ට කඩේ යන එකයි නේ කරන්නේ..
චානක ඇමෙරිකාවේ ඉන්න නිසා තිරය පිටුපස ඇති ' කළු තොරතුරු ' නොදන්නවයි කියමුකෝ..!!! අර ශාන්ත කිව්වා වගේ ලලිත් වීරතුංගගේ කිසිම වැරැද්දක් නැතිද..? මොන දේකටද ඔහුට අච්චුකලේ..? යකාගේ නඩුකාරයෝ නොවැ ලංකාවේ ඉන්නේ. ප්‍රබල ,ලොකු බලවන්තයන්ගේ වැරදි වලට ආණ්ඩුවට ඕන විදිහටයි, තමනට හිතෙන හැටියටයි නඩු තීන්දු දෙන්න පුළුවන් අපූරු විකාර නීතියක් නොවේද ලංකාවේ තිබෙන්නේ..? පොඩි මිනිහ උසාවියේ ඈනුමක්, කිවිස්සක් ඇරියත් කූඩුවේ දාන නඩුකාරයෝ, ලොක්කන්ට ඕනෑ විදිහට නීතිය නවන අපූරුව...! 'අච්චු ලැබූ හිර කාරයෙකුට' විදෙස් සංචාරයකට අවසර දීලා නිකම්ම...! මෙයා අපහු ආවේ නැතිව අර උදයංග වගේ රටට කොකා පෙන්න පෙන්න හිටියොත් මේ දීපු නඩුකාරයා රටට වග කියනවද..?. මේ ගෝත්‍රික රටේ හැමෝගෙම වැඩ... ලංකාවේ මිනිස්සු හාවෝ වගේ රවටනවා... ඒ මදිවට මිනිසුනුත් රැවටෙනවා ඉවරයක් නැහැ....
අපේ රට වලපල්ලටම යන රටක්. මොකද සිල් රෙදි හොරකමෙන් මහජන මුදල් කෝටි ගාණක් හොරකම් කරලා නාස්ති කළ බව ඕනෑම අයෙකුට තේරෙනවා. නමුත් අපේ රටේ කරුමෙට හොරකම් කරපු මුදල් කෝටි ගණන් ගත් අයට මේ වෙනකොට කිසිම දඬුවමක් නැහැ. තව ආලෝක වර්ෂ දහයක් ගියත් මේ කරන හොරකම් මහදවල් පෙනිපෙනී මේ මෝඩ මැටි මහජනතාව නැවත මේ අයව බලයට ගෙන එකනේ වැඩේ....
අපේ රටේ කරුමෙට හොරකම් කරපු මුදල් කෝටි ගණන් ගත් අයට මේ වෙනකොට කිසිම දඬුවමක් නැහැ විතරක් නෙවෙයී ඒ අයව වැඩි ඡන්දයෙන් ආපසු පත්කරගන්නවා. දඩුවම් දෙන්න තියා අත් අඩංගුවට වත් ගන්න දෙන්න එපා කියල නීතියෙන් ඉල්ලනවා.