(ප්‍රියාණි මංගලිකා)
අනුරාධපුර ඇල්ල ප්‍රධාන මාර්ගයේ අඹන්පොල , ගැට දිවුල්වැව පොලිස් මුරපොලේ දී , පරීක්ෂාව සඳහා ලොරි රථයක් නවත්වන අවස්ථාවේ එම ලොරියටම යට වීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියෙක් කුරුණෑගල රෝහල් දැඩිසත්කාරයට ඇතුළත් කර ඇති බව අඹන්පොල පොලීසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අඹන්පොල පොලීසයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් රත්නායක(38341) නැමති නිලධාරීයායි.
මේවන විට සැකකාර ලොරි රථයේ රියදුරා සහ අදාල ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති අතර මහව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.