(විනීතා එම් ගමගේ)
කෑම එතීම සඳහා භාවිතා වන තුනී පොලිතින් (ලන්ච් ෂීට් ) කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක් දිනපතා පරිසරයට එකතුවන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. ශ්‍රී ලංකාවේ ජනගහණයද කෝටි දෙකක් වුවත් එක්පුද්ගලයකු දිනකට තුන්වේලක් හෝ ඊට වැඩි ගණනක් ආහාර ගැනීමේදී මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
මෙරට එක් පුද්ගලයෙකු වසරකට භාවිතා කර ඉවතලන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5.72 ක් වන බවත් කොළඹ දී එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 7.5 ක් වන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා එම අධිකාරියේ අද (12) පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. රටේ ජනනය වන සමස්ත කසල ප්‍රමාණයෙන් 10% ත් 15% අතර ප්‍රමාණයක් පොලිතින් සහ ප්ලාස්ටික් වන බවත් හෙතෙම සඳහන් කළේය.
2016 වසරේ ආනයනය කළ පොලිතින් සෑදිමේ අමුද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 113500 ක් වූ බව කී සභාපතිවරයා ඒ සඳහා විදේශ විනිමය රුපියල් කෝටි දෙදහසක් වැය වී ඇතැයි ද පැවැසීය. එමෙන්ම ආනයනය කරන පොලිතින් අමුද්‍රව්‍ය ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවෙමින් ඇතැයි ද ප්‍රකාශ කළේය.
මෙසේ කසලවලට එක්වන පොලිතින් ප්ලාස්ටික් වසර සියයක් ගියත් නොදිරන තත්ත්වයක් ඇතැයි කී සභාපතිවරයා නව නීති හා තහනම ගෙන එන්නට හේත-ු වූයේ මෙම තත්ත්වයන් යැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණුගොඩට එකතුවෙන කෙහෙල්කොළ දමන්න මුතුරාජවෙලත් මදි කියයි දවසක...
වතුර සහ බීම බෝතල් සඳහා අදික බදු පනවා වීදුරු බෝතල් පාවිච්චියට යොමු කරවන්ඩ. ප්ලාස්ටික් පාවිච්චිය අවම කරමු. විකල්ප අසුරන හදුන්වා දිය යුතුයි. මෙයට අපේ සහයෝගය.
මේක හොඳ ක්‍රියාවක්... කවුරුත් නැවත භාවිතා කල හැකි කෑම පෙට්ටි භාවිතයට පුරුදු වෙයි. මේ දිනකට කෝටි 2 ගණන නම් ටිකක් අතිශයෝක්තියක් ද මන්දා. එත් වැඩේ හොඳයි.
හොද වැඩක්. මිනිස්සු දැනුවත් කරන්න ඕන පොල්තින් වලින් ශරීරයට වන හානිය
කඩේ කෑම පිඟනත් ලන්ච් ශීට් දාලනේ දෙන්නේ
අපේ මිනිස්සු පොලිතින් පාවිච්චි කරලා හැම තැනම දානවා, ගඟක් ,පාරක් ,දිහා බැලුවොත් තියෙන පොලිතින් ,ප්ලාස්ටික් ,වීදුර බෝතල්,ප්ලාස්ටි කප් ප්‍රමාණය දැක්කහම් දුක හිතෙනවා.ටොපියක් කෑවත් ඔතල තියෙන කොලේ පාරට විසිකරන්න ,සබන් කැටයක් ගත්තත් පොලිතින් බෑග් එකක දාගෙන යනවා වගේ ,දේවල් කරන්නේ බොහොමයක් මිනිස්සු මේ ගැන නොදැනුවත් හෝ පොලිතින් ටික තමන්ගේ වත්තෙන් පාරට දැම්මහම ඔක්කොම හරි කියන මානසිකත් වයෙන් ඉන්න පිරිසක් . දඩ ගහල හරි උගන්වන්න ඕනේ .හෝටලයකට ගියොත් පොලිතින් වලින් ඔතපු පින්ගානක තමයි කෑම දෙන්නේ ,වතුර බිල අඩු කරගන්න වෙන්න ඕනේ මයේ හිතේ. පොලිත්නින් නතර කරන එක ප්‍රායෝගික ව අමාරු උනත් 80 දශකයට පෙර පැවති පොලිතින් වලින් තොර ලංකාවකට යන්නන උත්සහයක් වත් කරන්න ඕනේ.
හොඳ දෙයක් කාලෙකින් අහන්න ලැබීමත් සතුටක්. ඒත් මේක එක කාලයකත් ගෙනාවා ක්‍රියාත්මක උනේ නෑ. ඒ නිසා මේ පාරවත් හරියට කරනවනම් ලොකු දෙයක්. අශ්වය ගියාට පස්සෙවත් ඉස්තාලෙ වහන්න මතක් උනානේ හිටන්
ඉවත ලන මෙගා සැහැල්ලු බීම බෝතල් , පලතුරු බීම බෝතල් , පානීය ජල බෝතල් ,වීදුරු බීම බෝතල් මෙන් එම ආයතන වලට භාරදී නැවත පාවිච්චි කිරීමේ හැකියාව ඉක්මනින් සොයා බැලිය යුතුය .එසේ නොමැතිනම් ඉදිරියට එවැනි ඇසුරුම් හඳුන්වාදිය යුතු වීම හෝ ඒ වෙනුවට වීදුරු බෝතල් භාවිතා කිරීම අනිවාර්ය කල යුතු වේ .
මේක හොඳයි ,නමුත් කලකට පෙර අපි ජීවත් වුනේ පර්චස් පහේ දහයේ තැන්වල නොවේ . හැම වත්තකම කුනුවලක් කියල තැනක් තිබුණා.. වත්තේ කෙසෙල් ගස් කීපයක් තිබුණා ..දැන් අපි කොහෙන්ද කෙහෙල් කොලයක් හොයාගන්නේ ? හොඳම විකල්පය,, මට මතකයි ඉස්සර අපි බෙලෙක් පිඟානකට කෑම බෙදල තව බෙලෙක් පිඟානකින් එය වහලා නැප්කිනයකින් බැඳගෙන ගෙදරින් කෑම රැගෙන යනවා ..
පොලිතීන් හැමතැනම වීසි නොකර එවා හරියට තම තමන්ගේ කුණුකසල අඩුගානේ හැමදාම බැරිනම් සුමානෙට එක දවසක් හරි එකතු කරලා පුච්චලා දන්න බැරි මිනිස්සු ඉන්න රටක් අපේ රට කියන්න ලැජ්ජයි
පොලිතින් පුච්චන්න හොඳත් නැහැ, ප්ලාස්ටික් පාට කරන්න ලේඩ් ගන්නවා ප්‍රතිචක්‍රීය කරපුවාගේ ලෙඩ් කෑම ,වතුර එක්ක මිශ්‍ර වෙන්න තියෙන හැකියාව වැඩියි.ලෙඩ් ඇඟේ ස්නායු වලට හොඳ නැහැ