(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ලිදුල නගර සභාවේ සේවය කරන සේවකයන්ගේ සහ කම්කරුවන්ගේ අද (24) දිනට ගෙවිමට නියමිත මේ මස වැටුප ගෙවිම ප්‍රමාද කළ බව පවසමින් එම නගර සභාවේ කම්කරුවෝ අද (24)පස්වරුවේ නගර සභාව වටලා උද්ඝෝෂණයක නිරත වු අතර අනතුරුව නගර සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔවුනට වැටුප් ගෙවීමෙන් අනතුරුව උද්ඝෝෂණය අතහැර දැමීමට ඔවුහු පියවර ගත්හ.
එම නගර සභා කම්කරුවෝ නගර සභා කාර්යයාලය තුළට පැමිණ උද්ඝෝෂණය කරමින් කියා සිටියේ හෙට සහ අනිද්දා බැංකු නිවාඩු බවත් , එබැවින් අද (24) දින තමන්ට හිමි වැටුප අද දිනම ගෙවන ලෙසයි .
මෙහිදි නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා සහ සේවකයන් අතර , දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
මෙහිදි කම්කරුවන් හමුවේ සභාපතිවරයා කියා සිටියේ තම නගර සභාවට ස්ථිර ලේකම්වරයෙකු මෙතෙක් පත් කර නොමැති නිසා අදාල වැටුප් ගෙවිම් වවුචරයට නුවරඑලිය දිස්ත්‍රික් පලාත් පාලන සහකාර කොමාසාරිවරයා අත්සන් කළ යුතු බවයි.
එම අත්සන ලබා ගැනිම සදහා තම නගර සභාවේ වැඩ බලන ලේකම්වරයා නුවරඑළියට යවා ඇති බවත්, මෙතෙක් එම වවුචරයට අත්සන් ලබාගෙන ඔහු නොපමැණි නිසා මෙසේ වැටුප් ගෙවිම ප්‍රමාද වු බවත් ඔහු සඳහන් කළේය.
එහිදි සේවකයන් අවධාරණය කර සිටියේ තමන්ට අද දින වැටුප නොගෙවන්නේ නම් හෙට(25) දින සිට වැඩ වර්ජනයක නිරත වන බවයි .
මෙහිදි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා මධ්‍යම පලාත් පාලත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මෙම ගැටළුව පිළිබදව ඔහුව දැනුවත් කිරිමේදි සභාපතිවරයා හා පලාත් පාලන කොමසාරිස් වරයා අතර දැඩි වචන හුවමාරුවක් දුරකථන සන්වාදය ඔස්සේ ඇති විය.
අද (24) පස්වරු 4 ට පමණ අදාල වැටුප් ගෙවිම් වවුචරයට අත්සන් ලබාගෙන පැමිණි එම නගර සභාවේ වැඩ බලන ලේකම්වරයා සේවකයන් හමුවේ කියා සිටියේ මේ වන විට අදාල රාජ්‍ය බැංකුව වසා ඇති බැවින් වැටුප් ගෙවිම ලබන සඳුදා සිදු කරන බවයි.
පසුව යළිත් එම සේවකයන් නොසන්සුන්කාරි ලෙස නගර සභාව තුළ හැසිරිම හේතුවෙන් සභාපති අශෝක සේපාල මහතා තලවකැලේ රාජ්‍ය බැංකුවේ කළමණාකරුව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මෙම ගැටළුව පිළිබද දැනුවත් කිරිමෙන් පසු එම වැටුප් ගෙවිමට අදාල මුදල් අද(24) දිනම බැංකුව මගින් ලබාදිමට එකඟ විමෙන් අනතුරුව ඔවුහු උද්ඝෝෂණය අතහැර දැමීය.




2025 දෙසැම්බර් මස 18
618
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිදුල නගර සභා කම්කරුවෝ උද්ඝෝෂණය කර වැටුප ලබාගනිති
Asanka Friday, 24 August 2018 02:33 PM
අන්න හරි... අර දුම්රිය රියදුරෝ වගේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගහලා හරි තම ඉල්ලීම් ලබාගන්න.. අපේ නායකයෝ කියන අය කැමති මේ ක්‍රමේට තමයි.
himal Sunday, 26 August 2018 06:28 AM
මෙතන පඩි ගෙවලා තියෙන්නේ සුද්දෝ එන කාලේ කරපු ක්‍රමයට. පඩිය බැංකුවෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් හදලා තිබ්බා නම් ඔය බැංකු වහන ප්‍රශ්න අරවා මේවා නෑ.