( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සලකා බැලීම ලබන ඔක්තෝබර් 30 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ සිසිර ජයකොඩි මහතා විසින් ගොනු කරනු ලැබූ මෙම පෙත්සම් බුවෙනක අළුවිහාරේ , සිසිර ද ආබෘ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
මේ සම්බන්ධයෙන් නොතීසි තමන්ට නොලැබුණු බව නීතිපතිවරයා දන්වා සිටියේය.එබැවින් මේ සම්බන්ධයෙන් සලකා බැලීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අධිකරණය හමුවේ කීය.
එම කරුණ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම ඔක්තෝබර් 30 වැනිදාට කල් තබන ලදී.
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතල ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සමින් ඉල්ලා තිබේ.
එම මණ්ඩල දෙක සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයාට බලයක් හෝ අධිකාරියක් නැති බවට ප‍්‍රකාශ කරන ලෙසත් ,එය ව්‍යවස්ථා විරෝධී බවට ප‍්‍රකාශ කරන ලෙසත් පෙත්සමින් ඉල්ලා සිටී.
COMMENTS
මේ යන හැටියට ධීවර අමාත්‍යාංශය හෝ ස්කාගාර සංස්ථාව බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතට පත් කලත් දුම්කොළ සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත කලත් පුදුම වෙන්න දෙයක් නැහැ .
මොහුගේ යටතට ලොතරැයි මණ්ඩලය පැවරීම කොහෙත්ම සාදාරන නැහැ .
මොකක්ද ඇති වැරැද්ද? ලොතරැයි අයිති සූදු ඝණයටයි.. ඒවා නේ රවී මහත්තයා කරන්නේම. සුදුස්සාට සුදුසු තැන දෙන එක වටිනවා රටටම.
ආර්.කේ. කියන්නේ මොකටද කියල මම හොයාගත්තා. රට කන, රජය කාපු කියන එක නේ...