IMG-LOGO

ලෝටස් පාර වහයි


(ජයමාල් චන්ද්‍රසිරි)


රැකියා විරහිත උපාධිධාරීන්ගේ  උද්ඝෝෂණයක් හේතුවෙන්  කොළඹ ලෝටස් පාර මේ වන විට වසා දමා ඇත.


උද්ඝෝෂණය අතරතුරදී උද්ඝෝෂකයෝ විසුරුවා හැරීමට ලෝටස් වට රවුමේදී පොලීසිය ජල ප්‍රහාර එල්ල  කළද  ඔවුහු මේ වන විටද ලෝටස් වටරවුමේ රැදී සිටිති.

ඔවුන්ගේ නියෝජිතයෝ කිහිප දෙනෙකු  සාකච්ඡාවක් සඳහා  මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වි සිටිති.


උද්ඝෝෂණය සඳහා රැකියා විරහිත උපාධිධාරීහු 150 කට අධික පිරිසක් එක්ව සිටින අතර  මාර්ගය වසා දැමීම හේතුවෙන් අවට  රථ වාහන  තදබදයක්ද පවතී.

 



අදහස් (9)

ලෝටස් පාර වහයි

asiri Tuesday, 08 May 2018 09:31 AM

කැම්පස් ඉන්න කාලේ උද්ගෝෂණය කරනවා අනිත් ඒවා වහපල්ලා කියල. අන්තිමට මෙයාල රස්සා ගන්නත් උද්ගෝෂණය කරනවා. අනිත් අය නිකන්ම රස්සාවලට යනවා

:       41       135

Bimal Tuesday, 08 May 2018 09:41 AM

කරුණාකර ඉදිරියට සරසවියට ඇතුළත් කරගන්න සිසුන්ට කියවා අනිවාර්යයෙන් අත්සන් කරන්න ලියවිල්ලක් දෙන්න." උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසුව ඔබට රැකියා ලබා දීමට පවතින රජය හෝ බදු ගෙවන ජනතාව බැදී නැත. සුදුසු රැකියාවක් සොයා ගැනීම ඔබේ වගකීමකි. "

:       0       243

ramendra Tuesday, 08 May 2018 10:07 AM

ක්‍රමය තුළ අවුලක් තියෙනවා නේද?

:       0       1

Sarasi Tuesday, 08 May 2018 10:35 AM

මහා ලොකු උගත්කම් නැති වුනත් විචක්ෂණ බුද්ධිය ඇති තරුණ තරුණියන් පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගෙන , වෘත්තීය අධ්‍යාපනයක් ලබා දියුණු වෙනවා අපි දැක තිබෙනවා. හපොයි ඒකට මේ ළමයින් දෙමව්පියන්ටයි රටටයි හරිම බරක්.

:       0       90

naradha Tuesday, 08 May 2018 10:42 AM

මේ අයව පුද්ගලික අංශය බඳවා ගැනීමට මැලිවන එක සාධකයක් නම්, මේ උද්ගෝෂණ තුලින් ඔවුන්ගේ හැසිරීම සහ ආකල්ප පිළිබඳව සමාජයට දෙන පිළිඹිබුවයි.

:       0       100

hira Tuesday, 08 May 2018 10:58 AM

අපේ හාමුදුරුවනේ, අප මහා ඉහලින් ගරු කරන ඔය කසාවත ඇදගෙන මහා පාරේ දෙනෝ දාහක් ඉදිරි ඔහොම හැසිරෙන්න එපා. ඔබ වහන්සේලා ඔය විදියට ගොන් පාර්ට් දාලා පසුව කොහොමද ගිහියන්ට බණ කියන්නේ. මම කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න විදි සටන් කරන්න ඕනේ නම් කසාවත ගලවා කලිසමක් බැනියමක් ඇදගෙන එන්න. නැතිනම් සමාජයෙන් ඔබවහන්සේලා එපා වී දානේ ටිකක්වත් නොලැබෙන තත්ත්වයට පත්වෙයි. මෙතන තනිකරම වෙන්නේ කසාවතට මුවාවී සිදුකරන රංගනයක්....

:       0       14

BamunuarachchiWednesday, 09 May 2018 02:07 AM

පිස්සු කියවන්න එපා හලෝ. හාමුදුරුවන් බණ කියනවා ඒ වගේ අවස්තාවලදී අණ දෙනවා. හාමුදුරුවෝ බණ කියන්නෙත් අපි වෙනුවෙන් අණ කරන්නෙත් අපි වෙනුවෙ. අපේ මිනිස්සු හාමුදුරුවෝ කීවාම හිතා ගෙන ඉන්නේ වටාපත අතින් රැගෙන පන්සලතුල සක්මන් කරමින් ඉන්න කොටසක් කියා. ජාතික ප්‍රශ්ණ වලදි නීදාගෙන ඉන්න ඔබලාවගේ මිනිසුන්ව කූද්දන්නේ අපේ හාමුදුරුවරු. නැතිනම් ඔබලා මර නින්දේ.

:       0       0

bandula Tuesday, 08 May 2018 12:33 PM

මෙවැනි දේවල් සිදුවන්නේ ලංකාවේ පමණි. මක්නිසාද නොමිලේ උපාධි දෙන නිසාය. වෙන රටවල සිසුන් විශ්ව විද්‍යාල ණය ගෙවන්න කුලී වැඩ පවා කරනවා. මෙහෙදී රජය කරන වරද නම් සුදුසුකම් නැති අයට රජයේ රැකියා දීම. උපාධිය සම්පුර්ණ කිරීමෙන් රැකියා ලබා දීමට ලෝකයේ කිසිම රජය බැදී නැත. සුදුසු රැකියාවක් සොයා ගැනීම ඔබේ වගකීමකි. ඔබ ඔබගේ හැකියාවන් විකිණිය යුතුය.

:       0       0

Asanka Tuesday, 08 May 2018 12:38 PM

මේ පාරේ ඉන්න කට්ටිය ටොප්ජොබ්ස් වෙබ් අඩවිය බලන්නේ නැද්ද මන්දා, ඕන තරම් රැකියා තියනවා, හැබැයි රජයේ රැකියා වගේ සති අන්ත දවස් දෙකේ නිවාඩු උදේ 10 සිට හවස 4 දක්වා පමණක් වැඩ, වාහන බලපත්‍ර , විශ්‍රාම වැටුප් අරවා මේවා නම් නැතුව ඇති. හැබැයි මමත් රට රැකියාවක් සොයාගත්තේ ඒකෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site