IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංගම රියදුරුට - කොන්දොස්තරට මැරයෝ තර්ජනය කරති

(රංජිත් කරුණාවිර)

ප්‍රමාද වී  සිය ගමන් වාරය අරඹන්නැයි  ලංගම බස් රියක රියදුරුට හා කොන්දොස්තරවරයාට තර්ජනය කරමින්  පෞද්ගලික බසයක හිමිකරුවකු ඇතුලු පිරිසක් පොලු මුගුරු රැගෙන ඔවුනට මරණිය තර්ජනය කළහ. 

හසලක ඩිපෝවට අයත් රංදෙනිගල සිට හසලක කොලොන්ගොඩ දක්වා උදැසන 6.00ට දිවෙන පාසැල් බස් රථය එම ගමන් මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස් රථ හිමි කරුවෙකු මිනිපේ 06 කණුව ප්‍රදේශයේදී  මාර්ගය හරස් කර පොලු මුගුරු සහිතව පැමිණ  ලංගම බස් රථයේ රියදුරුට හා කොන්දොස්තරවරයා ට ප්‍රමාද වි පැමිණෙන  ලෙස මරණිය තර්ජනය කරන අයුරු   වීඩියෝ පටයකද දැක්වේ.

එම වීඩියෝව ලංගම බසයේ සිටි මගියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් විඩියෝ කර ඇත.  එම විඩියෝවෙන් දැක්වෙනුයේ  ලංගම  බසයේ  ගමන් මග අහුරා ඉදිරියෙන් යන පෞද්ගලික බසය  ලංගම බසයට ගමන් කිරිමට අපහසු වන අයුරින් ගමන් කරනා අයුරුය.

මෙම මරණ තර්ජන පිළිබද  ලංගම බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පසුගිය සිකුරාදා (10) හසලක පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබේ.

ඒ අනුව ඊයේ  (13) සැකකරුවන් හසලක පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන  ඇති අතර ඔවුන් ඔ මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

අවස්ථා රැසකදී මෙම පෞද්ගලික බස් රථය හිමිකරුවන් ලංගම බස් රථ ගමන් මග අහුරා  රජයේ ලංගම සේවක මහතුන් හට පහරදීමට තැත් කිරිම්,  බැන වැදිම් පිළිබද හසලක පොලිසිය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් සිදුවීම්  කිහිපයක් සමත මණ්ඩලයේදී  සමතයකට පත්ව ඇති අතර, එසේ තිබි නැවත නැවත රජයේ සේවකයන්ගේ රාජකාරියට අවහිර වන ලෙස බැනවැදීම්, මරණ තර්ජනය කිරිම් අඩුවක් නොමැති බවට හසලක ලංගම ඩිපෝවේ සේවකයෝ පවසති.

මෙම පෞද්ගලික බස් රථ හිමිකරුවාට බස් රථ කිහිපයක් ඇති අතර ඉන් 02ක්ම මාර්ග බලපත්‍ර රහිතව රංදෙනිගල මාර්ගයේ ධාවනය කරන බවත් රියදුරු බලපත්‍ර කොන්දොස්තර බලපත්‍ර නොමැතිව එම බස් රථ හිතු මතේ ධාවන කරන බවට හා ප්‍රවේශපත්‍ර නිකුත් නොකීරිම වැනි  චෝදනා රැසක් ඇති අතර මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ නිළධාරීන් අවස්ථා රැසකදී දැනුවත් කළඳ කිසිදු  ප්‍රතිචාරයක් නොමැති බවට හසලක ලංගම ඩිපෝ නිළධාරිහු  පවසති.



අදහස් (1)

ලංගම රියදුරුට - කොන්දොස්තරට මැරයෝ තර්ජනය කරති

vipula Tuesday, 14 August 2018 12:33 PM

මේ වගේ දේවල් සමථමණ්ඩල වලට දාලා කාලය නාස්ති කරන්න එපා. රටේ සමාජයේ දැන් තියෙන තත්වය අනුව නීතිය තව දුරටත් අඝාදයට යාම විතරයි සිදුවෙන්නේ. දැඩි තීන්දු අරගෙන මේ අයව හිර ගෙවල් වලට ගාල් කරලා හොදට වැඩ ගන්න ඕනේ .

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site