(වසන්ත චන්දාපාල)

අම්පාර සෙනරත් සෝමරතන කි‍්‍රඩාංගණය අසල දී අද (14) ලංගම බස් රථයකට යටවී කාන්තාවක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එම බස් රථයේම පැමිණ ඇතැයි කියන මෙම කාන්තාව බස් රථයෙන් බැස ඇවිද යමින් සිටියදී බස් රථය දෙසට වැටිම නිසා මෙම අනතුර සිදුව ඇතැයි අම්පාර පොලීසිය පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ.