IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලෝක බලවතුන්ගේ තවත් මූල්‍ය ගනුදෙනු රැසක් හෙළිවෙයි

එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් රැජින ඇතුළු ලොව ප්‍රමුඛතම ව්‍යපාරිකයන්ගේ රහස්‍ය ගනුදෙනු ඇතුළත් මූල්‍ය ලිපි ලේඛන රැසක් අනාවරණය වී තිබේ.
‘පාරාදීස පත්‍රිකා’ එසේත් නැතිනම් ‘පැරඩයිස් පේපර්ස්’ යනුවෙන් නම් කර තිබෙන මෙම ලිපි ලේඛන පසුගිය වසරේදී ප්‍රසිද්ධියට පත්වූ ‘පැනමා පත්‍රිකා’ එසේත් නැතිනම් පැනමා පේපර්ස්වලට පසුව අනාවරණය වූ විශාලතම ලිපි ලේඛන තොගය යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. 
අක්වෙරළ ගිණුම් (තම මවුබිමෙන් පිටතදී පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර) ජාලයක් භාවිත කරමින් ලොව ධනවත්ම සහ බලවත්ම පුද්ගලයන් තම ධනය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ ආකාරය මෙම ලිපි ලේඛන ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ අනාවරණය වී තිබේ. මේ අනුව රහස්‍ය ලිපිගොනු මිලියන 13.4ක් එනම් ලක්ෂ 134ක් ප්‍රසිද්ධියට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පසුගිය වසරේදී මෙන් මෙවරත් මෙම රහස්‍ය ලිපි ලේඛන අත්පත් කරගැනීමට සමත්ව ඇත්තේ ජර්මනියේ පුවත්පතක් වන ‘සූඩොයිච් සයිතුන්ග්’ පුවත්පතයි. ජර්මනියේ විශාලතම දිනපතා පුවත්පත වන්නේ ද මෙයයි. 
අදාළ ලිපි ලේඛන තමන් සතු වීමත් සමඟ ‘සූඩොයිච් සයිතුන්ග්’ පුවත්පත ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ (සම්මුතිය) සංගමයට [International Consortium of Investigative Journalists (ICIJ)] ඒ බව දැනුම් දී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආසන්න වශයෙන් මාධ්‍ය ආයතන 100ක් හා එක්ව අදාළ ලිපිගොනු විමර්ශනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ‘ද ගාඩියන්’, බී.බී.සී (බී.බී.සී පැනොරාමා) ආදී මාධ්‍ය ආයතන ද එම කටයුත්තට සම්බන්ධ වී සිටියි.
ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට අනුව විමර්ශන කටයුත්තට රටවල් 67ක ජනමාධ්‍යවේදීන් 380කට වැඩි පිරිසක් සම්බන්ධ වී සිටිති. පාරාදීස පත්‍රිකාවලින් දෙවැනි එළිසබෙත් රැජිණ, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හා සමීපතයන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ සමීපතයන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඥාති පුත්‍රයකු ඇතුළු ලෝක නායකයන් හා දේශපාලනඥයන් 120 දෙනකුට වැඩි පිරිසකගේ මූල්‍ය ක්‍රියාකාරකම් හා ලැදියාවන් අදාළ ලිපිගොනුවලින් අනාවරණය වී තිබේ. 

-055



අදහස් (3)

ලෝක බලවතුන්ගේ තවත් මූල්‍ය ගනුදෙනු රැසක් හෙළිවෙයි

jagath leanage Monday, 06 November 2017 05:35 AM

ඔච්චර මහා ගොඩක් එකතු කරන්නේ මැරුනාම ගෙනියන්නද ?

:       0       28

de silva Monday, 06 November 2017 07:34 AM

ජගත් මහත්මයා ඔබතුමාගේ අදහස හරියටම හරි... නමුත් ඕක ලෝකයේ වැඩි දෙනෙකුට හැදිලා තිබෙන මානසික රෝගයක්... කොච්චර තිබුණත් මදි...

:       0       10

Upali Monday, 06 November 2017 08:27 AM

ඔය පේපර්ස්වල ලංකාවේ බලවතුන්ගේ නම් එහෙම නැතිව ඇතිනේද?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site