(අනීෂා මානගේ)
රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්‍රෑම් හැටක් සහ ග්‍රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිවෙසක ඉහළ මාලයේ කාමරයක සඟවා තිබියදී එක් සැකකරුවකු සමඟ තංගල්ල දිස්ත්‍රීක් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද(20) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු වීරකැටිය බැඳිගම ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය කියයි.
වීරකැටිය බැදිගම ප්‍රදේශයේ සුඛෝපබෝගී දෙමහල් නිවෙසක කාලයක සිට මෙම ගංජා ජාවාරම සිදුකර ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට පුදුම වෙන්න දෙයක් නැහැ. තංගල්ල පැත්ත තමයි... දැන් ලංකාවේ ලොකුම අපරාධකාරයෝ ඉන්නේ...!!!
මත්ද්‍රව්‍ය අල්ලන එකේ සීමාවකුත් නෑ. ගෙන්නන එකේ සීමාවාකුත් නෑ. පසුගියදා ආරක්ෂක අංශවල දෙදෙනෙකු කුඩු ප්‍රවාහනය කොට හසුවුණා නේද? දේශපාලකයිනුත් කුඩු රජවරුන් බේරාගත් අවස්ථා ගැන පෙරදීත් කසුකුසු තිබුණා නේද? මේ ඇල්ලීම හා ගෙන්වීම ගැන රටේ ජනතාව නොදන්නා මොනවාහරි දෙයක් ක්‍රියාත්මක වෙනවා කියා උපකල්පනය කිරීමට පුළුවන් නේද? හරි, උපකල්පනය වැරදියි කියමුකෝ... එහෙමනං මත්ද්‍රව්‍ය වලට දේශපාලකයින්ගේ නම් සම්බන්ධ වුණේ කොහොමද? පක්ෂ විපක්ෂ කොයි කවුරුත් මේ තරම් මහා ධනස්කන්ධයක් ඉපැයූවේ කොහොමද කියා වත්කම්, බැරකම් සෙව්වා නම්, වැඩේ අතටම මාට්ටු. එතකොට ගෝල බාල හෙන්චයියලාත් දැලේ. රට ගොඩේ ගොඩ... කෝ ඉතින් නීතිය වල් වැදිලානේ... ඒ වුණාට ගමේ අසරණයාට, දුබලයාට නම් නීතිය උපරිම ලෙස මහා ඉහළින් ක්‍රියාත්මකයි. " මිටි තැන් දැක පුප්පන්නේ ... උස් තැන් දැක හැකිලෙන්නේ " ඒ කව්රුන්ද ? අන් කව්රුවත් නොව නිවටුන්මය...