ටී.කේ .ජී.කපිල
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මස්කට් නුවර වෙත ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
එක් පුද්ගලයකුගේ ගමන් මල්ලේ කිලෝග්රෑම් 23 යි ග්රෑම් 300 ක් බර වල්ලපට්ටා තොගයක් සඟවා තිබූ අතර , අනෙක් පුද්ගලයාගේ ගමන් මල්ලේ කිලෝග්රෑම් 30 යි ග්රෑම් 200 ක් බර වල්ලපට්ටා තොගයක් සගවා ගෙන තිබී ඇත.
ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 28ක් පමණ බව රේගුව කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කවුරුත් දැනගත යුතු කරුණක්, යමු පුද්ගලයෙකුට මුදල් තිබේනම් එය බැංකු වල තැන්පත්කර තිබේනම්, එය රටේ තිබෙන මුදල්....ඉතින් වල්ලපට්ටා, කොතල හිඹුටු, සදුන් ලී මේවා කෝටි ගනම් වටිනවා. ඉහල ඉල්ලුමක් තියෙනවා. එහෙනම් ඇයි මේවා වවන්න දීලා රජය මඟින් මිලට ගෙන හෝ යම් සැලැස්මක් යටතේ විදේශ ගැණුම්කරුවන්ට සැපයීම සිදුකළ යුතුයි...අපේ රටේ ධනය විනිමය සකස් කරගන්න මොන මනුස්සය අකමැති...මොවුන්ට මොලයක් ඇත්තෙම නැද්ද?