(තිලකරත්න දිසානායක)
නීති විරෝධීව සහ තීරුබදු ගෙවීමකින් තොරව මෙරටට ගෙනැවිත් බෙදා හැරීමට සුදානම් කොට තිබු රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා සිගරට් තොගයක් සමග සැකකරුවන් හය දෙනෙකු වේවැල්දෙනියේදී අත් අඩංගූවට ගැනීමට සුරාබදු අධිකාරියේ ගම්පහ කාර්යාලයීය නිලධාරීහු සමත්ව ඇත.
ගම්පහ සුරාබදු සහකාර කොමසාරිස් කාර්යාලයට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර තිබේ. තුර්කියේ නිෂ්පාදිත, ප්‍රධාන නාමයක් සහිත සිගරට් වර්ග දෙකක් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර සිගරට් 30000 ක පමණ තොගයක් මෙහි තිබී ඇත.
සැකකරුවන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 - 30 අතර වයසේ පසුවන අය බවත් මොවුන් කුරුණෑගල සිට මෙම සිගරට් අලෙවි කිරීම් සිදු කරන බවත් සිදුකරනලද ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
2025 නොවැම්බර් මස 17
60
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ 15ක නීතීවිරෝධී සිගරට් සමඟ හයක් දැලේ