
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කරඹ, නායක්කරචේන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ ගුවන් හමුදා බුද්ධි අංශයේ නිළධාරින් අද (16) කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව කියයි.
ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මග රැක සිටියදී කේරළ ගංජා තොගය අංක තහඩු නොමැති යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී ගුවන් හමුදා බුද්ධි අංශය අත්අඩංගුවට ගෙන තිබූ අතර, අදාල සැකකරුවන් හා යතුරුපැදි දෙක පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිළධාරින් වෙත පරික්ෂණ සදහා භාර දී තිබුණි.
මෙම කේරළ ගංජා තොගය සඟවා තිබූ නායක්කරචේන ප්‍රදේශයේ ගොඩනැගිලි අමු ද්‍රව්‍ය අලෙවි කරන ස්ථනායක සිට අලෙවිය සදහා රැගෙන ගොස් ඇති බව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර, අදාල ව්‍යාපාරික ස්ථනායේ හිමිකරුද සිටින බව ගුවන් හමුදා බුද්ධි අංශය පවසයි.
අදාල කේරළ ගංජා තොගය පාර්සල් දෙකකට සකස් කර තිබූ බවද කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යතුරුපැදි දෙක හා කේරළ ගංජා තොගය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිළධාරින් විසින් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ තුනක කේරළ ගංජා පුත්තලමේදී පොලිස් බාරයට