IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාව ඔටෝවා සම්මුතියට එක්වීම අන් රටවලට ආදර්ශයක්

හර්ෂණ තුෂාර සිල්වා

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ ඔටෝවා සම්මුතියට එක්වීමෙන් හා සම්මුතියට අනුව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට කලාපයේ සහ ලෝකයේ අන් රටවලට උත්ප්‍රේරකයක් සහ ආදර්ශයක් වීමට හැකියාව ඇතැයි පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු අද (6) ප්‍රකාශ කළේය.

සම්මුතියට එක්වීමෙන් පමණක් නොව සම්මුතිය ක්‍රියාවට නැංවීම තුළින් කලාපයේ නායකත්වය ගෙන කටයුතු කරමින් විශාල වෙනසක් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව ඇතැයි ද මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු පැවසීය. 

කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී “පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ ඔටෝවා සම්මුතිය සහ ආසියාව සතුව ඇති අවස්ථා සහ අභියෝග” යන මැයෙන් දේශනයක් කරමින් මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු එම කරුණු කීවේය. 

එහිදි මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු මෙසේ ද කීය. 

“ශ්‍රී ලංකාව ඔටෝවා සම්මුතයට ඇතුළත් වූ 163 වැනි රටයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය ආදී රටවල් කිහිපයක් සම්මුතයට එක්වී සිටිනවා. එහෙත් ඉන්දියාව, පාකිස්තානය හා චීනය වැනි ආසියානු රටවල් මෙන්ම ලොව රටවල් 33ක් සම්මුතියට එක්වී නැහැ. 

එහෙත් ඒ රටවල් මෙම සම්මුතියට එක් කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. යුද්ධයේ බිහිසුණු බව ගැන බිම්බෝම්බ නිසා වූ හානිය ගැන ශ්‍රී ලංකාවට අත්දැකීම තිබෙනවා. 

ඔටෝවා සම්මුතිය ක්‍රියාවට නංවමින් ලොව අන් රටවලට සම්මුතියට එක්වීමට උත්ප්‍රේරකයක් සහ ආදර්ශයක් වීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. සම්මුතියට අනෙකුත් රටවල් එකතු කරගැනීමේ සහ ජාත්‍යන්තර සහයෝගීතව වර්ධනය කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා. 

ඔටෝවා සම්මුතිය සිවිල් සමාජයේ බලය පෙන්නුම් කරන්නක්. මෙතරම් කාලයක් සම්මුතිය ක්‍රියාවට නංවමින් අපි ලබාගත් ජයග්‍රහණ රැසක් තිබෙනවා. සිවිල් සමාජයට වෙනස්කම් කිරීමේ හැකියාව පෙන්වන කදිම උදාහරණයක් ලෙස ඔටෝවා සම්මුතිය පෙන්වා දෙන්න පුළුවන්.

මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ දී ලෝකය තුළ කලාපය තුළ නායකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. ශ්‍රී ලංකාවට නායකත්ව භූමිකාව ගෙන කටයුතු කරමින් වෙනසක් කිරීමට විශාල අවස්ථාවක් තිබෙනවා. 

මෙම සම්මුතිය ජාතික ආරක්ෂාවට එරෙහිව යන්නක් නෙමෙයි. සම්මුතිය ක්‍රියාවට නැංවීමෙන් ආරක්ෂා වෙනුයේ ජනතාවයි. යම් රටක් මේ සම්මුතිය ක්‍රියාත්මක කරන්නේ ද ඒ රජය ඒ රට ජනතාව ආරක්ෂා කරන බව එයින් ඇඟවෙනවා. මෙම සම්මුතිය සහ ජාතික ආරක්ෂාව එකිනෙකට සමාන්තරව ගමන් කරනවා. 

මේ සම්මුතිය එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සමඟ සම සමව ගමන් කරනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ ආර්ථික සාධක, රැකියාව, ආදී බොහෝ කරුණු මේ සම්මුතිය තුළින් ආරක්ෂා වෙනවා. උදාහරණයක් ලෙස ජෝර්දානයේ 20 වැනි නීතිය ගන්නට පුළුවන්. ඔබට ඒ ගැන කරුණු සොයා බලන්න පුළුවන්. 

මේ සම්මුතිය ක්‍රියාත්මක කරන අතරවාරයේදී අපි ආබාධිත පුද්ගලයන් විවිධාකාර හැකියාවන් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරනවා. බිම්බෝම්බ නිසා පුද්ගලයන් රැසක් විවිධාකාරයේ ආබාධවලට ගොදුරු වී තිබෙනවා. ඔවුන්ට ආයතනිකව අවස්ථාව හිමිවිය යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතුයි. ඒ නිසාම අපි ඔවුන් වෙනුවෙන් ද කටයුතු කරනවා. ඔවුන්ගේ අවස්ථා ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. 

මෙම සම්මුතිය තුළින් අපි පීඩිතයන් වින්දිතයන් වෙනුවෙන් ද අවධානය යොමු කර තිබෙනවා. එය මෙම සම්මුතිය විශේෂ අංගයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. 

ශ්‍රී ලංකාව මේ සම්මුතියට ඇතුළත් වීම තුළින් සෞඛ්‍ය, සුබසාධනය, ස්ත්‍රී පුරුෂ බව සහ මා කලින් කී පරිදි එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ අතර උසස් සබඳතාවක් ගොඩනගා ගැනීමට අවස්ථාව හිමිවෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් කීවේය. 
 
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (2)

ලංකාව ඔටෝවා සම්මුතියට එක්වීම අන් රටවලට ආදර්ශයක්

Bamunuarachchi Tuesday, 06 March 2018 06:04 PM

හරිම හැඩයි! ත්‍රස්තවාදීන්ට හොඳ උදවුවක් මේ අය කරලා දුන්නා. නැවත මෙරටේ ත්‍රස්තවාදයක් ඇති උනොත් ත්‍රස්තයෝ දහස් ගණනක් බිම්බෝම්බ වලලාවී අපිට අපේ බලකොටුවක් ආරක්ෂා කරගන්න එක බෝම්බයක් වලලාගන්න බැරිවේවි.

:       0       58

ගුණවර්ධන Wednesday, 07 March 2018 08:41 AM

කොන්ද පණ නැති නායකයෝ ඉන්න රටක්නෙ මේක. ඉතින් හැමදේකටම හා කියනවා. එහෙනම් ඉතින් අර ඉන්දියාව , චීනය වගේ රටවලටත් ඇතුළත් වෙන්න තිබුණා නොවැ මේකට...

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site