IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකාවට විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අයවැය පනතට අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (28) සඳහන් කළේය. 
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ජී.එස්.පී සහනය පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ අතර  මෙම වසර (2018) වසර මූල්‍ය කටයුතු තැබු අවස්ථාවේදී ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට දී තිබූ එම සහනය දීර්ඝ කර නැති බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉකුත් වසරේ දෙසැම්බර් 29 වැනිදා නිවේදනය කළේය.

කෙසේ නමුත් පසුගිය 23 වැනිදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට නැවත වරක් ජී.එස්.පී සහනය අනුමත කරමින් අයවැය පනතට අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 

මේ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හිමිවන ජී.එස්.පී සහනයේ වරප්‍රසාද හිමිවනු ඇත. 

ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ජී.එස්.පී සහනය ද යුරෝපා සංගමයෙන් ජී.එස්.පී ප්ලස් සහනය ද හිමිවේ. මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයට භාණ්ඩ හා සේවා අපනයනය කරන ලද්දේ තීරුබදුවලට යටත්වය. 

  පසුගිය වසර දෙකක කාලයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කර තිබෙන භාණ්ඩ හා සේවාවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ ඇඟළුම් වෙළෙඳපොළේ ප්‍රධානතම ආනයනකරු වූයේ එක්සත් ජනපදයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී පමණක් සමස්ත අපනයනවලින් ඇමෙරිකා එක්සත් ජනපදයට කර තිබෙන අපනයන ප්‍රතිශතයක් ලෙස සියයට 25.6ක් එනම් හතරෙන් එකක් වේ. 
 



අදහස් (7)

ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි

සතයපාල Wednesday, 28 March 2018 12:11 PM

මොන සහන දුන්නත් වැඩක් නැහැ. පාලකයින්ගේ හොරකම, දූෂණය, නාස්තිය හා අලසකම නිසා මේ සියල්ල අපතේ යනවා.

:       9       94

MaheeWednesday, 28 March 2018 02:11 PM

ඔබ සමග මුළුමනින්ම එකඟයි. මේ ගිවිසුම් වලින් විතරක් නෙමෙයි, අපි ගෙවන හැම බද්දක්ම දේශපාලයකන්ගේ සුඛ විහරණයට අරගෙන ඉතුරු වුණොත් තමයි පොදු වැඩට වෙන් කරන්නේ....

:       0       64

කපිල Wednesday, 28 March 2018 12:17 PM

මාතෘ භූමිය ගිලගැනීමේ අරමුණින් එන මේ බටහිර පිල්ලි පරාජය කිරීමට සියලු ජාති මාමක බලවේග එකතු විය යුතුයි... මගේ අම්මේ.. තාත්තේ...

:       318       43

Sunil Wednesday, 28 March 2018 01:19 PM

සම්පුර්ණ ඇත්ත. අපි ජී එස් පී අපිට එපා කියමු. අපිට මොකටද ඒවා?

:       5       12

බොකො හරාම් Wednesday, 28 March 2018 12:46 PM

ඔන්න මහනුවරින් ඡන්ද ප්‍රතිපලයක්.

:       1       19

න ගමෙග් Wednesday, 28 March 2018 12:49 PM

2020 වසරේ දෙසැම්බර් 31 වැනිදා වෙනකොට අලුත් රජයක්නේ...

:       36       50

Kumar Wednesday, 28 March 2018 04:39 PM

ලංකාවට ට්‍රම්ප් ජීඑස්පී දුන්නේ කියන එක බොරු. ඒක අයවැයේ කොටසක් කර තිබුන නිසා අනුමතය ලැබුනේ. කොංග්‍රස් සභාවට ඒක ගැන ස්තුතිවන්ත විය යුත්තේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1080 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 417 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site