IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්විජය බලාගාරයෙන් තඹ කම්බි පැන්නූ 6 ක් කොටුවෙති

 

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් සොරකම් කරන ලද ලක්ෂ 14 ක තඹ කම්බ් තොගයක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා වයස අවුරුදු 19, 20 ,30 ,32 යන වයස්වල පසුවන්නෝ වෙති.

මොවුන් මාම්පුරිය සහ දළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසෙන් කීපදෙනෙකු ලක්විජය බලාගාරයේ අනියම් පදනමට රැකියාව කරන පිරිසක් බවද අනෙක් පිරිස අදාළ ගම්මානවල පදිංචිකරුවන් වේ.

කලක පටන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹ කම්බි ජාවාරමේ නිරත වී ඇති බවත් තඹ කම්බි තිබු ස්ථානයේ රැදී සිටිමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයකු කම්බි සොරෙන් පිටතට රැගෙන යාමට කටයුතු කරමින් සිටියදී බලාගාර ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන නොරෝච්චෝල පොලිසියට බාර දීමට කටයුතු කළ බවයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී තඹ කම්බි ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථයක් පලාවිය පරණ යකඩ මිලදී ගන්නා ස්ථානයකට අලෙවි කර තිබු තවත් තඹ කම්බි තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවු බවත් මෙම සියලුම තඹ කම්බිවල වටිනාකම රුපියල් ලක්ෂ 14  ඉක්මවන බවද පොලිසිය පවසයි.

 



අදහස් (0)

ලක්විජය බලාගාරයෙන් තඹ කම්බි පැන්නූ 6 ක් කොටුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site