ක්‍රිෂාන් ජීවක ජයරැක්
නේවාසිකාගාර නීතී රීති කඩ කිරීම නිසා සරසවි සිසුවියන් සිව් දෙනෙකුගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයට කැඳවීමට ගනු ලැබු තීරණයට විරෝධය පලකරමින් එම සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය අද (07) සිට දින නියමයකින් තොරව වසා දැමීමට කටයුතු කටයුතු කළ බව එහි උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පැවසීය.
ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් හා නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබූ අතර යලි එම පීඨය විවෘතකරන තෙක් ඔවුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කරතිබුණි.
ඒ පිලිබඳව අදහස් දැක්වු රුහුණවි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බන්දුල දර්ශන සිසුවා මෙසේ කීය.
“තවත් සිසුවියන් පිරිසකගේ කාමරයකට ගිහින් කතා කලා කියලා අභූත චෝදනා නගමින් විශ්ව විද්‍යාලපාලන අධිකාරිය ඒ සිසුවියන්ගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයටකැඳවා සමාව ගන්නා ලෙසට ඔවුන්ට දැනුම් දී තිබෙනවා. එය නොකළ නිසා ඔවුන්ට විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව යන ලෙසටත් දැනුම් දී තිබෙනවා. ඒ සිසුවියන් සිව් දෙනාම අවුරුදු දහ අටට වැඩි අය. ඔවුන්ට සෘජු තීරණ ගන්න පුලුවන් වයසක ඉන්නේ. ඒ නිසා දෙමාපියන් කැඳවීම අවශ්‍ය නැහැ.
අනෙත් එක දෙමාපියන් ඒකට අදාලත් නැහැ. මහා ශිෂ්‍ය සංගමය ලෙස අපි ඒකට විරුද්ධයි.‘‘
COMMENTS
අප විශ්වාස කරනවා මේ විශ්ව විද්‍යාලයන්හි පාලන අධිකාරියේ ඉන්නේ කිසිදු ඉගෙනුමක් ,දැනුමක්, අධ්‍යාපන සුදුසුකම් නැති නුගත් පිරිසක් හැටියට. මේවගේ දැනුමෙන් ඉහලම දරුවන් ඉගෙන ගන්න "විශ්වයේ දැනුම" ලබන ස්ථානවලට මොකටද මේ දරුවන්ගේ දෙමාපියන් කැදවන්නේ නැද්ද? තවද දෙමවුපියන් හට කිසිදු අයිතියක් හෝ අයිතිවාසිකමක් නැහැ මෙම උගත් දරුවන් ගැන සොයා බැලීමට, මොකද අවුරුදු 18 වැඩි නිසා ඕනෑම සෘජු තීරණ ගන්න පුලුවන් වයසක ඉන්නේ. මොකද අවුරුදු 18 වෙනකම්ම මේ ළමයි හැදුනේ වැඩුනේ තනියම, තනිකම් දෝෂ සහිතවනේ. අනිත් වැදගත්ම කරුණු නම් මේ දරුවන් සැමවිටම, සෑම අවස්ථාවකම ඉතාමත්ම නිවැරදි දරුවන් කොට්ටාශයකි. අනිත් සියලුම ආචාර්ය , මහාචාර්ය මහත්ම, මහත්මියන් සියල්ලෝම නිතරම වැරදි තීරණ ගන්නා සහ වැරදි උපදෙස් මෙම දරුවන්ට දෙන අය බැවින් ඒ සියල්ලෝම නෙරපා දමා මේ දරුවන් එම තනතුරු වලට පත්කිරීම වඩාත් වැඩදායි වන්නේ යන්න අපගේ හැගීමය.
ඍජු තීරණ ගන්න පුලුවන්නම් දෙමව්පියන්ටයි අපිටයි වද නොදී පාට් ටයිම් රස්සාවක් කරගෙන ඉගෙන ගන්න. වියදම් කරන්නේ දෙමව්පියන් සහ රජය නම් ඒ අයගේ උපදෙස් පිළිපදින්න.
අනේ ඔයාලගේ සෘජු තීරණ. මහා ජනතාවගේ සල්ලි වලින් නිකන් දෙන අධ්‍යාපනේ කරන්නේ නැති අය
අවුරුදු දහඅටට වැඩි නම් ඔක්කොම දේවල් තනියෙන් කරන්න අයිතිය තිබේ නම් අනෙක් දේවල් වලටත් ඔය නීතිය වලංගුයි. මොකටද අපි බදු ගෙවමින් මේගොල්ලන්ගේ උසස් අධ්‍යාපනයට උදව් කරන්නේ. තනියම ඒ ටික කර ගන්න බැරිද ? අර දියුණු රටවල සිසුන් වගේ. අධ්‍යාපන ආයතනයක් වුනාම යම් විනය නීති රීති තිබෙන බව නොදන්නා උගතුන්ද මේ ? කාමරයට ගිහිල්ලා තිබෙන්නේ ඇත්තටම තවත් සිසුවියන්ද ? මගේ ලේලියක් මෙල්බෝන් නුවර සරසවි නේවාසිකාගාරයේ සිට ඉගෙනුම ලබනවා. ඒ ළමයින්ටත් නොයෙක් නීති රීති තිබෙනවා. දහඅටයි අපි ලොකුයි කියලා හිතෙනවා නම් තමන්ගේ ගෙදර ඉඳන් සරසවි එන ගමන්, ඕන විදියට ඉන්න පුළුවන්. නේවාසිකාගාර පිළිවෙලකට ඉගෙන ගන්න වෙනත් සිසුවියන්ට දීලා.