(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි - 055)
රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. රුසියාවේ අගනුවර සංවිධානය කර තිබූ දූෂණ විරෝධී විරෝධතාවලදී විපක්ෂ නායකයා එලෙස අත්අඩංගුවට පත්ව ඇත. විරෝධතාකරුවන් අගමැති දිමිත්‍රි මෙද්වදෙව් මහතාට දූෂණ චෝදනා එල්ල කරන අතර ඔහු අගමැතිධුරයෙන් ඉවත් විය යුතු යැයි ද ප්‍රකාශ කරති. රුසියාව පුරා දූෂණ විරෝධී විරෝධතා පැවැත්වෙන අතර රට පුරා පැවැති විරෝධතාවලදී 500කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.
බොහෝ විරෝධතා නිල අවසරයකින් තොරව සංවිධානය කර තිබී ඇතැයි ද විරෝධතාවලදී රුසියානු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කර ඇතැයි ද ඒ.එෆ්.පී සහ රොයිටර් ඇතුළු විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
“පුටින් නොමැති රුසියාවක්. පුටින් හොරෙක්” යනුවෙන් විරෝධතාකරුවෝ කෑ ගැසූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවර උද්ඝෝෂණ 2011 සහ 2012 වසරෙන් පසු පැවැති විශාලතම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යැයි ද වාර්තා විය.
මධ්‍යම මොස්කව් නුවර පැවැති විරෝධතා රැළියකදී විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා අත්අඩංගුවට පත්විය. විරෝධතාකරුවෝ විපක්ෂ නායකවරයා අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට උත්සහ ගත්තද එය ව්‍යර්ථ විය. විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි අත්අඩංගුවට පත්වීමෙන් පසු ට්විටර් පණිවිඩයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළ බව ද විදෙස් වාර්තාවල දැක්විණි.
‘මිත්‍රවරුනි මම හොඳින්, මා නිදහස් කරගන්න වෙහෙස වෙන්න එපා. දිගටම දූෂණයට විරුද්ධව සටන් කරන්න’ යනුවෙන් රුසියාවේ ප්‍රධාන විපක්ෂයේ නායකයා සඳහන් කර තිබේ. රුසියානු පොලිසිය විපක්ෂ නායකවරයාගේ කාර්යාල කඩාවැදී ඔහුගේ කාර්ය මණ්ඩලයත් විරෝධතා සජීවීව විකාශය කරමින් තිබූ උපාංගත් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා විය.
ශාන්ත පීටර්ස්බර්ග්, ව්ලැදිවොස්ටොක්, නොවෝසිබර්ස්ක්, ටොම්ස්ක් ඇතුළු නගර රැසක විරෝධතා පැවැති අතර එහිදි සිය ගණනක් අත්අඩංගුවට පත්ව තිබේ. රුසියාව පුරා සාමකාමී විරෝධතාවල නිරත සිය ගණනක් පිරිස් අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ද සිය අප්‍රසාදය පළ කර තිබේ.








COMMENTS
ඇමෙරිකාව අපේ රටට කරපු ටිකම රුසියාවටත් කරමින් පවතිනවා .... උන්ට හිතැති ගොන් රැලක් පත් කර ගන්න තමයි උත්සාහය..... අපේ රටේ වගේ, තණකොළ කන මිනිස්සු ඒ රටෙත් ඇති..... හොරෙක් වුනත් රටට හිතැති නම් , මහා ජාතියට හිමි තැන දෙනවා නම් , නායකකමට සුදුසුයි... ඒ මන්දයත් හොරු නොවන දේශපාලකයන් මෙලොව නොවසන බැවින්.... ඔක්කොම හොරු, නමුත් රටට, ජාතියට, මහජනතාවට අගතියක් නොකරන හොර තොර ගැනීම පමණයි අපට කරන්න පුළුවන්....
මේ තණකොල කන එකෙක්
රටක්, ජාතියක්, ආගමක් නැතිව සල්ලි වලට කඹුරන සක්කිලි හැම රටේම ඉන්නවා
මොකද මේ අපේ එක්කෙනා අාපු ගමන් වුන ඇබැද්දිය?
ප්‍රසන්න සමග එකඟ වෙමි. කළ හැක්කේ හොරෙක් වුවත් රටට හා ජාතියට ආදරේ කරන හොරෙක් සොයා ගැනීමය .
විහිළුවක්
රටකට ආදර්ශමත් නායකයෙක් තොරාගැනීමට ජනතාවට නොහැකි වීමෙන් පේන්නේ එම රටේ තිබෙන නොවිසුඳුනු සමාජීය ගැටළුයි හා ඉන් ඇතිවෙන පීඩනයෙන් පෙළෙන සමාජීය මට්ටමයි, කොටින්ම කිව්වොත් ඉන් පෙන්නේ රටක ඇති නොහැකියාවයි
දෙවැනි පින්තුරේ දැක්කම නම් මටත් හිතනවා රුස්සියාවේ පොලිසියේ හිටියනම් කියල හා ද ?, හොඳින් බලන්න ඒ නිලධරීන් ගේ අස් දිහා