(නිමන්ති රණසිංහ)
ගාලු මුවදොර පිටියේ දී රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කර අතවරයක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (7) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන සැකකරුවන් පස් දෙනෙකි.
මෙම සිද්ධියට අදාළව කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පස් දෙනා අද (7) සවස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ආවරණ සහිතවය.
මෙම රුසියානු ජාතික කාන්තාව සහ ඇගේ පෙම්වතා වන ශ්‍රී ලාංකික තරුණයකු ඇතුළු කණ්ඩායමක් ඉකුත්5 වැනිදා රාත්‍රී 11.00 ට පමණ ගාලු මුවදොර පිටියේ සිටියදී සැකකරුවන් සමඟ පැමිණී පිරිසක් එම කාන්තාවට උසුලු විසුලු කර ඇති අතර, එහිදී එසේ නොකරන ලෙසට ඇගේ පෙම්වතා එම තරුණයින්ට පවසා ඇතැයි කොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රුසියානු කතට හිරිහැර කළ සැකකරුවන් රිමාන්ඩ්
sk Wednesday, 08 July 2020 03:31 AM
සංචාරකයින් එනඑකත් නැති කරන මෙවැනි අමනයින්ට නිසි දඬුවමක් දිය යුතුයි.