IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රවිරාජ් ඝානතන නඩුවේ ඇපෑල දෙසැම්බර් 04 විභාගයට

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා  හිටපු මන්ත්‍රීවරයාගේ භාර්යාව  ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම දෙසම්බර් මස 04 දින විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.
 

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දිපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් හමුවේ  කැඳවූ අතර එහිදී මෙලෙස පෙත්සම් විභාගයට දින නියම කෙරිණි.
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය   මෙම අභියාචනා පෙත්සම ගොනු කර ඇති අතර වගඋත්තරකරුවන් වශයෙන් පලනිසාමි සුරේෂ් හෙවත් සාමි ,හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන කුමාර හෙවත් සම්පත් , දෙල්වල ගෙදර ගාමිණී සෙනෙවිරත්න , කම්කානම්ලාගේ ප්‍රදීප් චමින්ද හෙවත් වජිර, සිවකාන්තන් විවේකානන්දන් හෙවත් චරන් ,ෆේබියන් රොයිස්ටන් තුසේන්  යන අය නම් කරනු ලැබ සිටිති.
 
අදාළ ජූරි සභා තීන්දුව නිසා අගතියට පත් පාර්ශ්වය ලෙස මෙම ප්‍රතිශෝධන පෙත්සම් ගොනු කර තිබේ.
 
ගොනු කර  තිබූ  පෙත්සමේ වැඩිදුරටත් මෙසේද සඳහන් විය.
 
ඉකුත් 2006 වසරේ නොවැම්බර් මස 10 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කරන ලද අතර ඒ සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2016 ජූලි 20 වැනිදා මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
 
අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර නාවික හමුදා නිලධාරීන්ගේ ඉල්ලීම මත ජූරි සභාව හමුවේ මෙම නඩු විභාග පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා 2016 ඔක්තෝබර් 27 වැනිදා අවසර දුන් බව පෙත්සමේ දැක්වේ.  
පසුව ජූරි සභාව සිංහල භාෂාව කතා කරන අයගෙන් සමන්විත විය යුතු බවට විත්තිකරුවන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව විශේෂ ජූරි සභාවක් මහාධිකරණ විනසුරුවරයා විසින් පත් කරන ලද බව පෙත්සමේ දැක්වේ.
 
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඟා තිබූ අතර එවැනි නඩුවක් ජූරි සභාවක් ඉදිරියේ කැඳවීම දෝෂ සහගත බව පෙත්සම්කාරිය සිය පෙත්සමින් පෙන්වා දී තිබේ. එසේම තමාගේ නීතීඥවරුන් ජූරි සභාව සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ විරෝධතා පළ කර බවද කියා සිටී.
 
කෙසේ වුවද දිනපතා පැවති නඩු විභාගය අවසානයේදී ඉකුත් දෙසැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ අදාළ ජූරි සභාව විසින් සියලූ විත්තිකරුවන් එම චෝදනාවන්ට නිවැරදිකරුවන් බවට තීරණය කළ අතර ඒ අනුව එම විත්තිකරුවන් මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කළ බව පෙත්සමේ දැක්වේ.
 
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පිළිබඳව නිසි ලෙස සැලකිලිමත් නොවී ජූරි සභාවක් පත් කිරීමෙන් අගතියක් සිදුව අතැයි   සඳහන් වේ.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන චෝදනා නීතිමය දැනුමක් ඇති විනිසුරුවරයෙකු විසින් විභාග කළ යුතු අතර ජූරි සභාවකට එය පැවරීමෙන් ඊට  හානි සිදුවී ඇති බවද පෙත්සමේ දැක්වේ.
 
එබැවින් මෙම නඩුව විභාග කිරීම සඳහා ජූරි සභාවකට අවසර දෙමින් දෙන ලද මහාධිකරණ නියෝගය බල රහිත කරන ලෙසත් , අදාළ ජූරි තීන්දුව බල රහිත කර නැවත නඩු විභාගයක් පවත්වා විත්තිකරුවන් සියලූ චෝදනාවන්ට වැරදිකරුවන් ලෙස නම් කරන තීන්දුවක් දෙන්නැයිද ශෂිකලා නඩරාජ් මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටී.
 
නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව තිබූ චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් පරිදි සාක්කි ඉදිරිපත් වූ නමුත් ඒවා නොසලකා හරිමින් ජූරි සභාව විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ බව එහි දැක්වේ.



අදහස් (0)

රවිරාජ් ඝානතන නඩුවේ ඇපෑල දෙසැම්බර් 04 විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 663 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site