(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුවට එරෙහිව එම මන්ත්‍රීවරයා ගේ බිරිය විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සම සලකා බැලීම මැයි 19 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය ගොනු කළ අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සමේ විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම එදිනට කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් ඇතුව හෝ නැතුව මිනිසෙක් මැරුවොත් අනිවාර්යයෙන්ම කුමන හෝ ආත්මයක විපාක ලැබෙනවා කියල එඩ්ගාර් කේසි ගේ කතා ඇතුලත් සංසර මන්දිර පොතේ කතා වලින් පැහැදිලි වෙනවා