(නිමන්ති රණසිංහ)
නාවල නාරාහේන්පිට ‘ලේක් විව් ඩ්‍රයිව්‘ පාරේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ල රුපියල් 10,000 ක ඇප බැදුම්කරයක් මත නාරාහේන්පිට පොලීසිය විසින් මුදා හැර ඇත.
අපරික්ෂාකාරී රිය ධාවනය සහ බීමතින් රියපැදවිම යන චෝදනා සම්බන්ධයෙන් පොලිසිය විසින් රමිත් රඹුක්වැල්ල ඊයේ (10) අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙලෙස පොලිස් ඇප මත නිදහස් කෙරිණි.
එමෙන්ම අඟහරුවාදා (13) කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද පොලිසිය සැකකරුට දන්වා ඇත.
COMMENTS
එතකොට පිස්තෝලේ කාගේද?
මොකද ඇපදුන්නේ දන්නේ නැහැ. ජනතාවට තර්ජමයක් නේ. තව පිස්තෝල තියෙන්න පුළුවන් මේගොල්ලෝ ළඟ.
එතකොට පිස්තෝලය කෝ...
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය බීමතින් රියපැදවිම මගීන් දෙදෙනෙකු රිය අනතුරට පත්කිරීම ඔවුන් දෙදෙනාට පහර දීම අවසර ඇතිව හෝ නැතිව ගිනි අවියක් අපරීක්ෂාකාරී ලෙස භාවිතය...තුවාල කරුවෝ තවම රෝහලේ ... මේ වගේ චෝදනාවලට අපි වගේ කෙනෙක් අහුවුනොත් මක් වේදැයි හිතාගන්නවත් බැහැ.
මේ රට කවදාවත් හදන්න බැරි තක්කඩියන්ටම ගිය රටක් බව ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කරමි. පවුල් පිටින් පිටරට ගිය ලංකාවේ මිනිස්සුන්ගේ ළමයින් මීට වැඩිය ශීලාචාරව නීති ගරුකව ඒ රටවල හැදෙන වැඩෙන බව අපි දැකලා තිබෙනවා.
මේවගේ බීගෙන රිය පදවන එවුන්ට ඖරුද්දක සිර දඬුවම සහ ලක්ෂයක ඇප ගත යුතුය
මොහුව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියා හැඳින්වීම අනෙකුත් ක්‍රීඩකයන්ටද කරන අපහාසයක් කියා මට සිතේ.
එතකොට පිස්තෝලයකින් සරසවි සිසුන් දෙදෙනෙකුට පහරදීමේ කතාව පොලිස් B වාර්තාවෙන් වාෂ්ප වුනාද?
පිස්තෝලයක් පෙන්නලා, ගහල, බීලා වාහන පදෙව්වට ලොකුම දඬුවම රු 10000 ද, ගැන සැර වැඩි නැද්ද?
දඩමස් ගොරකා වෙලා නේද ?? දැන් පිස්තෝල කතා කව්රුවත් දන්නෙත් නැහැ අහලත් නැහැ
අද කාලයේ සමහර ලාංකික දෙමව්පියන්ට අවශ්‍ය තමන්ගේ ළමයින්ව එක්කෝ නමගිය චන්ඩි කරන්න නැති නම් ගුණ ධර්මයක් නැති උගත්තු කරන්න . තමන් දරුවන් හදපු ක්රමයේ හොඳ කම සිහිවෙන්නේ අනුන්ට බෙදන්න දරුවන්ට දුන් හැන්දෙන්ම ඒ උදවිය තමන්ටත් බෙදුව දවසටයි. හැඳි නොගා හදපු හොද්දේ තරම හොඳ සන්තාසියක් වුන දවසට තේරේවි.
අපි බීල වාහන එලෙව්වොත් ඔය විදියට එලියට එන්න පුලුවන්ද.අපේ රටේ නිතිය ඇති හැකි එකට එක විදියක්.නැති බැරි එකට එක විදියක්.එක ජාතියකට එක විදියක් .තව ජාතියකට තවත් විදියක්.ඉතින් කොහොමද අපේ රට ඉදිරියට යන්නේ.
අක්කි හිරේ, අයිය එලියේ, පලාත්සබා සහ පාර්ලිමේන්තු ඈමතීන් අතර වෙනස් නීතිය.
බීලා එලෙව්වොත් අප දෙන්නේ කොහොමද? අපි අහුවුණා නම් තම කූඩුවේ.
අනේ මෙගේම නීති දෙකක් ඇති රටක්.
හා ! පළමුවර බිමත්ව නොමනා හැසිරුණු කෙනෙක්නම් පොලිස් ඇප මත මුදා හැරියාට කමක් නැහැ . පොලිසිය මේවගේ අයවලුන්ට නිතිය තදින්ම ක්‍රියාත්මක කලේ නැතිනම් කවදාවමත් මේගොල්ලෝ හරියන්නේ නැහැ. මුන්ට දේශපාලන උන.
මේ මිනිහ කිසිම බයක් නැතුව හෙට කරන්නෙත් ඔයිට වඩා ලොකු දෙයක්.ඇයි අපේ රටේ නීතිය හදල තියෙන්නෙ පොඩි මිනිහ වරදක් කලොත් විතරක් ඇපත් නැතුව අවුරුදු ගණන් රිමාන්ඩ් එකේ ඉඳල හිරෙත් දාල නැත්තටම නැති කරන්න.
සාමාන්‍ය මනුස්සයෙක් බීල පැද්දා නම් කෙලින්ම ඇපත් නෑ දවස් 14ක් ඇතුලට ගිහින් එන්න ඕනේ නඩු අහන්න. ඇමති පුත්තුන්ට එම නීති අදාළ නැහැ.. අපේ රටේ මේ උස් පහත් බේදයයි අයින් කරන්න ඕනේ ජාතින් අතර සමගිය ඇති කරන්න කලින්. එතකන් අපේ රටවල් හැමදාමත් තුන්වැනි ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල්ම විතරයි.
නියම තාත්තගේ පුතා. තාත්තා ඔස්ට්‍රේලියාවේදී හොරෙන් බැල්කනියෙන් තවත් බල්කනියකට පනින්න ගොස් වැටී ඉස්පිරිතාල දතවී අතේ මාට්ටු , පුතා උඩු ගුවනේ අහස්යානවල දොර අරින්න ගොස් නොන්ඩි උනා, දැන් බීමතින් රිය පදවා අසරණ පාරේ යන සිසුන් යටකරනවා. මේවද අපේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ බලපුළුවන් කරකම්ද? අසරණ චන්දයදී ඔවුන් ඔය උඩින් යන තත්වයට පත්කළ වුන්හට ප්‍රතිචාර දැක්වීමද? අහෝ කවදා මේ ලක්බිමට සාදාරනය සහ සාමය ලැබේද?
නීතිය යනු බලවතාගේ උවමනාවයි යන කියමන සනාත වුනා හදිසි නීතිය රටපුරා බලපවත්වන වකවානුවක ගිනිඅවියක් ලග තබා ගැනීම හා ගිනි අවියෙන් පහරදීම යන චෝදනා වකට ඇප නෑ.... නමුත් පොලිස් ඇප ...?
19 වන විවෂ්ඨා සංශෝධනයට අනුව ද .?... පොලිස් ඇප .
කෝ අර .. පිකටින් ..පෙළපාලි .. කට්ටිය පිස්තොලේට බයවෙලා වගෙයි .
මේ සිදුවීම ආණ්ඩු පක්ෂයේ කෙනකුගේ පුතෙක් වුනානම් බලන්න තිබ්බ 3 වෙනි ලෝක යුද්ධය පටන් ගන්න හැටි පොහොට්ටුව සෙබළුන්ගෙන් .