IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රුපියල් තවත් බාල්දුවෙයි - විකුණුම් මිල 163.57 පනී

හර්ෂණ තුෂාර සිල්වා
 
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (6) තවදුරටත් පහළ යමින් 164 සීමාවට ආසන්න විය. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව අද (6) නිකුත් කළ විනිමය අනුපාත අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 163.57ක් දක්වා ඉහළ ගිය අතර ගැනුම් මිල 160.37ක් ලෙස සටහන් වී තිබිණි.
 
මේ අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය එතරම් පහළ වැටුණු පළමු අවස්ථාව එය විය. 
 
බලපත්‍ර ලාභී වාණිජ බැංකු අද (6) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය කොමර්ෂල් බැංකුවේ 165.15ක් ලෙසත්, මහජන බැංකුවේ 164.84ක් ලෙසත්, සම්පත් බැංකුවේ 164.35ක් ලෙසත් සටහන්ව තිබිණි. ලංකා බැංකුව අද (6) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 163.85ක් ලෙස දැක්විණි. 
ශ්‍රී ලංකා රුපියල වාර්තා ගත ලෙසින් පහළ යනවිට ආසියානු කලාපයේ මේ වනවිට දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙන ඉන්දීය රුපියල අද (6) අඛණ්ඩව වාර්තාගත ලෙස  පහළ ගියේය. ඒ අනුව ඉන්දීය රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 72ක් දක්වා ඉහළ ගොස් තිබිණි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වී තිබෙන වෙළෙඳ අර්බුදය, ඇමෙරිකාව සහ කැනඩාව අතර තිබෙන වෙළෙඳ අර්බුදය යනාදිය සහ අනෙකුත් අවිනිශ්චිත තත්ත්ව නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලරය ප්‍රතිලාභ ලබමින් සිටී. මේ තත්ත්ව හේතුවෙන් ඊයේ (5) වනවිට අඛණ්ඩව සිව්වැනි දිනටත් ලෝක කොටස් වෙළෙඳපොළවල් පහත වැටුණු අතර නැගී එන වෙළෙඳපොළවල් පාඩු ලැබීය. 
 
මේ වසරේ ජනවාරි  පළමු වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල  5.3%කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඊට අමතරව ඉකුත් අගෝස්තු මාසයේදී පමණක් රුපියලට එහි අගයෙන් සියයට 1.2ක් අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය, ගෝලීය වෙළෙඳ අර්බුද, දේශීය දේශපාලනයේ තිබෙන අස්ථාවර තත්ත්වයට අමතරව ඉන්දීය රුපියල දුර්වල වීම ද ශ්‍රී ලංකා මුදල් ඒකකය අවප්‍රමාණය වීමට හේතු වී තිබේ.  ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශවකරු වන්නේ ද ඉන්දියාවයි. 
 
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ සම්බාධක සහ ඉහත කරුණු යනාදිය හේතුවෙන් ඩොලරයක් ඉරාන රියාල් 150,000කට ආසන්න මුදලකට විකිණී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 



අදහස් (2)

රුපියල් තවත් බාල්දුවෙයි - විකුණුම් මිල 163.57 පනී

Perakum Thursday, 06 September 2018 03:54 PM

බය වෙන්න එපා. අපි කිව්වා නේ...ඕක 200න් නවතිනවා....!

:       0       41

Bamunuarachchi Sunday, 09 September 2018 11:48 PM

ඕක 200 න් නවතිනවලු. ඒ කොහොමද? මේ කට්ටිය ආණ්ඩුකරන තාක් කල් ඕක නගිනවා. ඒක ඒගොල්ලන්ට ආඩම්බරයක්. අර 62 ට විසාල ආඩම්බරයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site