IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


රුපියල තවත් පහතට


(හර්ෂණ තුෂාර සිල්වා)
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් දක්වා අද (25) ඉහළ ගියේය.  රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය.  

පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය අඛණ්ඩව පහත වැටුණි.  

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල 155.26ක් ලෙස සටහන් වී තිබිණි.  

පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර මේ වසරේ ආරම්භයේ සිට අප්‍රේල් 20 වැනිදා දක්වා කාලයේදී රුපියල සියයට 2.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

ඊයේ දිනයේදී රුපියලට සාපේක්ෂව ස්ටාර්ලිං පවුමක විකුණුම් මිල 223.2ක් ලෙසත්, යූරෝවක විකුණුම් මිල 195.50ක් ලෙසත් ජපානයේ යෙන් එකක විකුණුම් මිල 1.47ක් ලෙසත් දැක්විණි. 

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 20 වැනිදා දක්වා කාලයේදී ස්ටාර්ලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 6.6කින් සහ යූරෝවට සාපේක්ෂව රුපියල සියයට 5.4කින් අවප්‍රමාණය වී තිබේ. 

   පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කළේය.  

 



අදහස් (11)

රුපියල තවත් පහතට

කපිල Wednesday, 25 April 2018 08:58 AM

රනිල් - සිරිසේන සුසංයෝගයට ජය වේවා !!! මේ දෙන්න යන්නේ ඩොලරය රුපියල් 200.00 කරලයි.

:       168       275

BamunuarachchiWednesday, 25 April 2018 10:42 AM

200න් නැවතුණොත් ඇති. 500ට යවලයි මේ පාලනයෙන් තල්ලු වෙලා යන්නේ. බැංකු කොල්ලය නිසා විදේශ සුරැකුම් පත් නැවත මේ රටට නැවත එන්නේ නැත. කෝ අර ලොක්කගේ මොලේ ගැන දොඩවන කොටළුවෝ ටික?

:       140       251

Pohottu Bamunaa.Thursday, 26 April 2018 02:27 AM

රනිල්ට,සිරිසේනට හෝ මහින්දට කඩේ යාමට මෙහි ලියන බොහෝ දෙනාට උවමනා නැත. රටට හානි වෙන දේට අප විරුද්ධය. එය කව්රු කලත් වැරදිය .

:       0       0

ජගත් ලියනගේ Wednesday, 25 April 2018 12:41 PM

21015 ජනවාරි 08 වෙනිදා , ඔය අගය කීයටද තිබ්බෙ ?

:       10       9

SLThursday, 26 April 2018 02:48 AM

ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවලට අනුව 2015 ජනවාරි 9 සිට රුපියල 19.71% අවප්‍රමාණ වී ඇත .

:       0       0

කල්ප Wednesday, 25 April 2018 09:32 AM

විපක්සෙ කට්ටියගේ භංග වැඩ, පිකටිං වැඩ නිසා වෙළඳපොල කඩාවැටිලා. ආර්ථික මර්මස්ථාන නිසා ගොවීන් අනාථවෙලා. ජනතා ඡන්දයෙන් පත්වන අය රට ගැනහිතල වැඩ කලයුතු වුනත් මේ රටේ එහෙම වෙන්නෙ නැහැ. මින් ඉදිරියටත් රට ගැන නොහිතන පක්ෂය රජ කිරීමට දඟලන පිරිසක් පත්කලොත් රුපියල සොයාගන්නත් බැරිවේවි !!!

:       852       741

BamunuarachchiWednesday, 25 April 2018 11:20 AM

දන්නා කෙන්ගෙඩියක් කතා කරන්න හලෝ...පිකටින් හින්දා රුපියලේ අගය බැහැලලු..

:       93       163

සඳුන්Wednesday, 25 April 2018 01:10 PM

එහෙම කියන්න එපා බමුණුආරච්චි මහත්තයා.... කල්ප කියන්නේ සමහරවිට යහපාලන ආණ්ඩුවේ ආර්ථික උපදේශක කෙනෙක් වෙන්නැති අර ගිහානි නෝනා වගේ.

:       0       4

PA - RA Wednesday, 25 April 2018 02:25 PM

බයිලා මිස වැඩනැති නිසා නොදැනුවත්වම සෑම දේම ඉහල යනවා, බොරුව කයිවාරුව මිස ඔවුන්ගේ සේවය කුමක්ද?

:       0       1

ධනුෂ්ක Wednesday, 25 April 2018 02:47 PM

මේ ඔක්කොටම මුල අසාර්ථක මහා පරිමාණ ව්‍යාපෘති... අසිමිත අානයනය හා දූෂණය. මේක නිවරදි කරන්න නම් නිවැරැදි පාලනයක් පත්විය යුතු අතර ජනතාව අවුරුදු 10ක් විතර මීටත් වඩා ලොකු දුකක් විඳිය යුතුය. අාර්ථිකය සංවෘත කළ යුතුය. අානයනයන් කළ යුත්තේ ලංකාව තුළ නැති දේ හා අත්‍යාවශ්‍යම දේට පමණි. ඊට අමතරව නිෂ්පාදනය කඩිනමින් ඉහළ දැමිය යුතුය. විශේෂයෙන් ජනතාව අාහාර වලින් ස්වයංපෝෂිත කළ යුතුය. රජයේ සේවකයින්ට ගෙවන වැටුපට සාපේක්ෂව ඔවුන්ගෙන් වැඩගත යුතුය. ණය ගත යුත්තේ අදාල ව්‍යාපෘතිය තුළින් ලබන ලාභයන් ගෙවීමට බලාගෙනය. කොටින්ම කිවහොත් මේක කණපිට හරවා මොළ සේදීමක් හා නීති පද්ධතිය ශක්තිමත් කළ යුතුය. එසේ කිරීමට නම් සමහර විට මිනිසුන්ගෙන් 10% ක් දහයක් පමණ සිවිල් සමාජයෙන් ඉවත් කළ යුතුය (මේ රට කාපු). එහෙම නැතුවා නම් අපි වලපල්ලට මිසක් ගොඩ එ්මක් නෑ.

:       1       0

රොෂාන්Wednesday, 25 April 2018 09:21 PM

ධනුෂ්ක මට හිතෙන්නේ, අර සියයට දහයේ ප්‍රතිශතයට ඔබත් එකතු විය යුතුයි. ඔබල වගේ මොළ හෝදපු පින්ගුත්තරයෝ නිසා තමයි මේ රටට ඉදිරියට යන්න බැරි. ලොකු කතන්දර කියමින් ටිකිරි මොළකාරයින් නොමග යවන ඔබලා වගේ අදහස් ඇති අය මේ ලොවෙන් තුරන් වුණාම, අර සුද්දා, අපේ රට අපට භාර දුන්නු දා තිබුන විනිමය අනුපාතිකය අපට ඉබේටම පහල වෙයි. පලයන් රුසියාවට ගිහින් එහාටම වෙලා හිටපන් අපට පව් නොදී.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 647 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 835 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site