බිමල් ශ්‍යාමන් ජයසිංහ
මාතර රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධව පලා ගොස් සිටින පාතාල සාමාජික හබරකඩ වසන්ත නැමැත්තා අතුරුගිරිය නිවසේ සිිටින බවට හා කොල්ලකන ලද රන් භාණ්ඩ නිවසේ සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් අනුව නිවස වැටලීමට ගිය රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාස නිලධාරීන්ට එම නිවසේ තිබී මිලි මීටර් 3.8 වර්ගයේ ගිනි අවියක් , ජීව උණ්ඩ හතරක් හා හිස් උණ්ඩ දෙකක් සොයා ගැනීමට හැකි වී තිබේ.
එහිදි හබරකඩ වසන්ත නැමැත්තාගේ මව, පියා ,බිරිඳ හා දියණිය ද ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පළා ගොස් ඇත.
අත්අඩංගුවට ගත් එම පිරිස අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දිර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.
වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇත.

COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පාතාලය ක්‍රියා කරනුයේ පෙර රජයේ ඇමතිවරුන්ගේ ඉල්ලීමට රජය අපහසුතාවයට පත් වන අයුරින්. එම නිසා මෙම පරීක්ෂණ නිවැරදිව බුද්ධිමත්ව කිරීමට සියලුදෙනාම අවධානය යොමු කිරීම කාලෝචිතය.
වින්දිතයන්ගේ නොව අපරාධකරුවන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් බෙරිහන් දෙන ඩොලර් නියෝජිතයින් දැන් මේකටත් කට අරියි. නීතිය අපරාධකරුවන් බේරීම සඳහා නොව ජනතාව රැක ගැනීම සඳහාය.
ආයුධ හොයන්න පවුලම එක්ක ගියත් අපි නම් වචනයක් වත් කියන්නේ නෑ
අනේ මේ නොදන්නා කමට අහන්නේ මේ තියරිය අනුව මහබැංකු හොරා වෙනුවෙන් ඔනෑම දේකට වගකියනවා. කියපු අගමැතිව ගෙනත් රදවාගෙන ප්‍රශ්න කරන්න බැරිද?
මේ මංකොල්ලයට යොදාගත් එක ගිනි අවියක් මන්ත්‍රීවරයෙකුගේ බවට පුවත් තිබුණා. ඇයි ඒ මන්ත්‍රීවරගේ නම හෙළිදරව් කරන්නේ නැත්තේ?