(මහින්ද නිශ්ශංක)
රුපියල් 2,70,00000 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන එනු ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයාට රුපියල් ලක්ෂ 15ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත.
අදාළ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කළ බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවසීය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ තාරක දේවප්‍රිය මහතා විසින් සිදු කෙරිණි.
COMMENTS
රාජසන්තක වෙනවා කියන ඔය හැම දේකටම මොකද වෙන්නේ? කොහෙද මේවා තියන්නේ. එහෙම නැත්නම් මේවා වෙන්දේසි කරලා රජයට අදායමක් ගන්නවද? නැත්නම් යටපාරෙන් ලොක්කෝ මඩි ගහ ගන්නවද? දන්නේ නැති හින්දයි අහන්නේ?
දඩ ගහලා විතරක් මදි හිරේ අරින්නත් ඕනේ? ශ්‍රී ලන්කන් එක විනාශකළේ මෙවැනි දූෂිත සේවකයන් වෘත්තීය සමිතිය එක්ක එකතුවෙලායි.
ශ්‍රී ලංකා රේගුව කියන්නේ බඩුවක් ගෙන්නන්න කලින් කතා කරලා විස්තර ඇහුවට කිසිම දෙයකට ගහන බද්දක් පැහැදිලිව කියන්නේ නැති ආයතනයක්.. ඒ වගේම රේගුවේ වෙබ්සයිට් එකට ගිහින් පරික්ෂා කලත් කිසිම බද්දක් පැහැදිලිව පෙන්නුම් කරන්නේ නැහැ.. ඔවුන්ට පුළුවන් කබරගොයෙක් ගෙනාවොත් නෑ මේ ඉන්නේ තලගොයෙක් කියලා වෙනම බද්දක් ගහන්න.. කිසිම භාණ්ඩයක් හෝ බද්දක් පැහැදිලිව සඳහන් කරලා නැහැ .. මේ හේතුව තමයි ආනයන කරුවෝ අපහසුතාවයට පත්කරන්න පුළුවන් හොඳම තැන සහ වංචාව අල්ලස් ගන්න පුළුවන් හොඳම ක්‍රමය.. මොවුන් සමග හිතවත් වුණු වෙනම මහාපරිමාණ බඩු ගෙන්වන පිරිසක් හැම අංශයේම ලංකාවේ ඉන්නවා.. ඔවුන්ට ඉතාම අඩු බද්දක් ගහන ගමන් නොදන්නා කෙනෙක් ගෙනාවොත් ඉතාම වැඩි බද්දක් ගහනවා .. ඇඳුරුම්කමට නිකන් වගේ බඩු නිදහස් කරගන්න ආනයනකරුවෝ ගොඩක් ඉන්නවා.. මේක කරලා තියෙන්නේ මොවුන් සමග ඇඳුරුම්කමක් නැති කෙනෙක් ..
ඕක අලුත් දෙයක් නොවේ. එක්මණින් කෝටිපතියෝ වෙන්න ඔයවගේ හොරජාවාරම් කරනවා මා දන්නා කෙනෙකුත් ලන්ඩන් වලින් නීති විරෝධී සල්ලි රැගෙන ගිහින් මට්ටු වුණා ....
මේවා රාජසන්තක කරනවා කිව්වට රටේ ජනතාවට ප්‍රසිද්ධියේ කරන දේ පෙන්වන්නේ නැහැ නේ. එක්කෝ මේවා රටේ ජනතාව දැනුවත් කරලා ප්‍රස්සිද්ද වෙන්දේසික විකුනන්න ඕන. එමගින් රජයට ඇ සල්ලි ලැබෙන්න ඕන.ඔය වගේ කීයක් නම් රේගුවෙන් අල්ලන ඇද්ද?
කතෘ තුමනි ඇත්ටටම අපි දැනගන්න කැමැති රජාසන්තක වෙන වටිනා දේවල් සහ මත් ද්‍රව්‍ය වලට කුමක් වෙන්නේද කියා සහ පසුගිය වසර කිහිපය තුල කොපමණ වටිනකමක දේවල් අත්අඩංගුවට ගැනුනද කියා. සමහර උසාවි වල වාහන ලී ලොරි ඔහේ දිරන්න දාල තියෙනවා නම් දැකල තිබෙනවා. පුලුවන්නම් කරුණු ඇතිව හරබර ලිපියක් විසේෂාංග පිටුවක පල කරන්න. ස්තුතියි
අපේ රටේ දත්ත හොයාගන්න තබා රේගුවෙන් බඩුවලට හරියටම ගන්න ටැක්ස් එකවත් හොයාගන්න විදිහක් තියෙන වෙබ් පිටුවක්වත් නෙහෙ. මම පෞද්ගලිකව කීප වරක් මේවගේ ප්‍රශ්නවලට මුණ දුන්න. මුහුණ බලල ටැක්ස් එක කියන්නේ. එහෙත් කුවිතාන්සි නැතුව 1/3 ගෙවල ගන්න පුළුවන්. අනික් රටවල මේ හැම විස්තරයක්ම අන්තර්ජාලයේ තිබෙනවා.
මේ ගුවන්සේවකයාගේ නම ගම තොරතුරුත් පැහැදිලිව දෙන්ඩ ලාකෝ අපිත්, පරිස්සම්වෙන්ඩ වෙනවා. නැත්තම් දඩේ ගෙවන්ඩ අපෙත් දත් ගලවයි. එහෙම අප්පොච්චල ගුවන්තොටුපොළේ ......ඉන්නේ.
මම රේගුවේ වැඩ කරපු කෙනෙක්. රෙගු නිලදාරීන් බලාගෙන ඉන්නේ කවදා එයා පෝට් ඩියුටි වැටෙන්නේ කියල. එතන ඩියුටි ඉන්න අවුරුදු 3 තමයි හොදම කාලේ මොකද එක තමයි හොඳටම හොයාන්න පුළුවන් කාලේ. නැත්නම් කොහොමද රාජ්‍ය සේවයේ ඉන්න මේ අය මන්දිර වල ජීවත් වෙන්නේ. කලින් ආරංචි කර ගන්නවානම් ඕනෑම දෙයක් එයාපෝට් එකෙන් පන්නන එක සුළු දෙයක්.
රේගුවේ වැඩි හරියක් ඉන්නේ දුෂිත නිලධාරීන් බව මම පිලිගන්නවා , නමුත් මෙම සිධියේදී රේගුව නිසිලෙස තම රාජකාරිය කර තිබෙනවා එම නිසා මෙම පුවත සම්බන්ධව අදහස් ද්ක්විමේදී රේගුවට විරුධව ද්වේශ සහගත ලෙස අදහස් ප්‍රකාශ කිරීම අසාධාරණය