(කාංචන කුමාර ආරියදාස)
මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතයට අයත් බකමුණ වනජීවී කලාපයට රිදී ඇල්ලේ මහා පරිමාණ දැව ජාවාරමක් සිදුවෙන බවට තොරතුරු ලැබී තිබේ. රක්ෂිතය තුළ යන්ත්‍ර භාවිතයෙන් වටිනා ශාක කපා දමා ඇති ආකාරය දැකගැනීමට හැකිය. මෙලෙස කපා ගන්නා දැව කඳන් ලොරි රථවලින් ප්‍රවාහනය කරන බව ප්‍රදේශවාසීහු කියති.
බකමුණ වනජීවී කාර්යාලයට මේ බව දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි නිලධාරින් දෙදෙනකු පැවසුයේ මෙම අපරාධ මැඩලීමට තම කාර්යාලයට පිරිස් බලය ,උපකරණ හා පහසුකම් නොමැති බවයි. අඩුම තරමේ විදුලි පන්දමක් හෝ නොමැති බව ද ඔවුහු පැවසුහ

කාර්යාලයේ සිටින කිහිප දෙනා හැකි පරිදි වනසතුන් හා ශාක ආරක්ෂා කරන බව ද ඔවුහු කීහ.