රථ වාහන වැරදි පහක  අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත්  කර තිබේ.

එම  රථ වාහන වැරදි වනුයේ   වන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය,  රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ.  මීට අමතරව වමෙන් ඉස්සර  කිරීමේ දඩයද වැඩි කර ඇත.

නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර  නීතියක් බවට පත් කිරීමටත් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය  කිරීමටත්  අපේක්ෂා කරන බව  ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

 මෙම ගැසට්ටුව ඊයේ(01)  මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර ඇත.

මාරක රිය අනතුරුවලට බොහෝ විට බලපා ඇත්තේ මාර්ග නීති උල්ලංඝණය සහ රියදුරාගේ නොසැලකිලිමත් කම බව හඳුනාගෙන ඇති හෙයින්   මේ හේතුවෙන් මාර්ග අනතුරු සඳහා බහුලව බලපාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සහ රථ වාහන වැරදි සඳහා වූ පනවන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කළ යුතු බවට  කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
 
මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, බස්රථ සහ ත්‍රීරෝද සංගම් නියෝජිතයින් එක්ව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාර්ග අනතුරු සඳහා විශාල වශයෙන් හේතු වන වැරදි හතක් හඳුනා ගත් අතර  එම රථ වාහන වැරදි හත සඳහා පනවන දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩිකිරීමටද එම සාකච්ඡාවේදී තීරණය විය.
 
කෙසේනමුත් එම දඩමුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට අතිගරු ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළේය.
 
ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු අතර,  රථ වාහන වැරදි සඳහා පනවන අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරීමේ කැසට් පත්‍රය ඊයේ නිකුත් කළේය.

මෙහිදී දුම්රිය මාර්ගය තුළට අපරීක්ෂාකාරී ආකාරයෙන් මෝටර් වාහන ධානය කිරීම නව දඩයකි.  මීට අමතරව නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් රිය පැදවීම, අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම, වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය, ජංගම දුරකථන භාවිතය යන වැරදි සඳහාද ඉදිරියේදී දඩ මුදල් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

 (36698)

දඩ මුදල් වැඩි වන අයුරු පහත පරිදි වේ