(සුජිත් හේවාජුලිගේ)
රට නගා සිටුවීම සඳහා අලුත් වැඩපිළිවෙළක් හඳුන්වාදීමට එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ජාතික සභාව ලබන 7 වැනිදා රැස්වීමට නියමිතය.
රට වෙනුවෙන් වැදගත් තීන්දු ගණනාවක් මෙහිදී ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවැසීය.
රටේ පවතින ප්‍රශ්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික්ක 22ක ප්‍රධාන රැස්වීම් 22ක් පැවැත්වීමට ජාතික සභාව දැනටමත් තීරණය කර ඇති බව කී රතන හිමියෝ මෙයට අමතරව විද්වතුන් , වෘත්තීයවේදීන් 500 දෙනෙකු සම්බන්ධ කරගෙන විශේෂ විද්වත් සමුළුවක් පැවැත්වීමට ද තීරණය කර තිබෙන බව ප්‍රකාශ කළහ.
ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ගැනීම එහි ප්‍රධාන අරමුණ බවද උන්වහන්සේ කීහ.
COMMENTS
සමාවෙන්න අපේ හාමුදුරුවනේ... ඔය කියන විද්වතුන් , වෘත්තීයවේදීන් 2015 වේදීත් රට නගා සිටුවීම සඳහා අලුත් වැඩපිළිවෙළක් යනාදී වශයෙන් නොයෙකුත් සම්මන්ත්‍රණ තිබ්බ නේද ? අවසානයේ අපගේ මවුබිමට අවංකව ආදරය කරන රටවැසියන්ට ලැබුනේ " පතෝල මැසි, වැටකොළු මැසි " පමණක් නොවේද ? කිසිදු ස්ථිර වචනයක් නොමැති දිය හබරල පැළවලින් රටක් දියුණුවන්නේ කෙසේද ? රටක් ආරක්ෂා වන්නේ කෙසේද ? රටවැසියන්ගේ ජිවන තත්වය ඉහල දමන්නේ කෙසේද ? කෙටියෙන් පවසනවානම් අපටනම් මේවා පෙනෙන්නේ තම තමන්ගේ සුකවිහරණයට මුලිකත්වය ගෙන පවත්වන නාඩගන් හැටියටය. ඔබ වහන්සේට අපගේ " නුගත් භාෂා විලාශයට " මොනයම් හෝ අපහසු තාවයකට පත්වුවානම් සමාවුව මැන.
අනේ පින් සිද්ද වෙඉ එක තීන්දුවක් වත් ගන්න එපා , 2015 කරපු හරිය හොටටෝම ඇති
මම හිතන්නේ ඔබවහන්සේ 2004 සිට දැන් අවුරුදු 14ක් පාර්ලිමේන්තුවේ සිටිනවා.රට,ජාතිය ආගම වෙනුවෙන් කරපු එක වැඩක් සඳහන් කරන්න .අර සාමාන්‍ය මන්තිවරයෙක් වගේ දිනන පැත්තට පනිනවා මිස.
හැමදාම රත්න හමුදුරුවන්ටයි චම්පිකටයි නව වැඩපිළිවෙලක්. 2015 වේ නව වැඩපිළිවෙලක් කියල යුඑන්පි එකට පැන්න. තවම යුඑන්පි එකේ ඉඳගෙන එයට විරුධව නව වැඩපිළිවෙලවල් සංවිධානය කරනවා. ජනතාව දැන් බුද්ධිමත් නිසා ඔය පුස් කතා වලට රැවටෙන්නේ නැහැ. තව දුරටත් සිවුරට ලජ්ජා කරන්නේ නැතුව සිවුරෙන් අයින්වෙලා කරන දෙයක් කරන්න. ඔබ වහන්සේ ගැන බලන් ඉන්න අපිට ලැජ්ජයි.
මොකටද මගේ කට. වැලේ වැල් නැතිව ඉන්නේ. හොඳටම දන්නවා ආණ්ඩුවේ පැත්තේ හිටියොත් ඊළඟ මැතිවරණයේදී ඇපත් නෑ කියල. අනික් පැත්තෙත් කකුල තියාගෙන ෂේප් වෙන්න හදන්නේ.
අපිටනම් දැන් ඇතිවෙලා මේවා අහලම හැකිනම් මේ මාධ්‍ය සාකඡචා තියන සල්ලි වලින් උදේ හවා කන්න බොන්න නැති ගොඩක් මේ රටේ ඉන්නවා එම මිනුසුන්ට කන්න වේලක් හෝ ගෙයක් දොරක් හදලා දෙන්න උදව් කරනවානම් හොදනැද්ද?