(අජිත්ලාල් ශාන්තඋදය)
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් රත්නපුර, කුරුවිට, අයගම, ඇහැලියගොඩ සහ ඇලපාත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රජයේ පාසල් හෙට (08) වසා තබන බව සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.
මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් නායයාමේ අවදානමක් පවතින නිසා එම ප‍්‍රදේශවලින් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය කළ අනතුරු ඇඟවීම් සහ මේ වනවිට පහත්බිම් ජලයෙන් යටවීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ ය.
පහත්බිම් මෙන් මාර්ග රැසක් ද ජලයෙන් යටවීම නිසා පාසල් කරා ළඟාවීමට දරුවන්ට මෙන්ම ගුරුවරුන්ට ද නොහැකිවී ඇති බව ද පළාත් අධ්‍යාපන ලේකම්වරයා කියයි.
පාසල් වසා දැමීමට තීරණය නොකළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින කාලගුණ වාතාවරණය මත පවත්වාගෙන යා නොහැකි පාසල් ඇත්නම් ඒවා වසා දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විදුහල්පතිවරුන්ට බලය පැවරූ බව ද වීරසූරිය මහතා අවධාරණය කළේ ය.
COMMENTS