අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදි පැනගිය 27 හැවිරිදි සැකකරුවෙකු පැය විසිහතරක් ගතවීමට පෙර දම්බුලූවන කහවත්ත, දෙමටකැටිය ප‍්‍රදේශයේ පාලූ නිවසක සිටියදී අද (14) අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි.
මාස කිහිපයකට පෙර රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ බඩුගබඩාව කැඩීම සහ කිරිඇල්ල නගරයේ වාණිජ බැංකුවකින් රුපියල් අසූ දහසක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරු ලෙස මෙම තැනැත්තා බන්ධනාගාර ගත කර තිබිණි.
සැකකරු 13 වැනි දා රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙනවිත් තිබුණේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මත මාංචු දමා ගෙනය. අධිකරණය ගෙනා පසු මාංචු ඉවත්කර සැකකරු අධිකරණයේ සිරමැදිරිය තුළ රඳවා තබා තිබිණි.
නඩව කැඳවන අවස්ථාවේ විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මාංචු ගලවා සිටි සැකකරු අධිකරණයට පැමිණ සිටි සෙනඟ අතරින් පැන ගොස් තිබිණි.
පැනගිය සැකකරු සොයා පොලිසිය සහ බන්ධනාගර නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාවට 13 වැනි දා අධිකරණය පිටුපස කැළෑ ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කළද හමු නොවිණි.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රත්නපුර අධිකරණයේ දී පැනගිය රැඳවියා අත්අඩංගුවට