(ටී.කේ.ජී.කපිල )
රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.
ඔහු සතුව තිබී ග්‍රෑම් 225 ක් බර රත්තරන් මෙම කැබලි සොයාගෙන ඇති අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් 13,46,100 ක් පමණ වටිනා බව රේගුව පවසයි.
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 274 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි වෙත යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ එල්ලා ගෙන යන අත් කොටසේ රන් බිස්කට් 03 ක් සහ තවත් කුඩා රන් කැබලි 03 ක් සඟවා ගෙන සිටින බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් කළ ස්කෑන් පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබු අතර ඉන් අනතුරුව සැකකරු වැඩි දුර පරීක්ෂණ සඳහා ගමන් මල්ල සමඟ ගුවන්තොටුපොළ නිලධාරීන්ට බාර දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
217
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්තරන් සමඟ ලාංකිකයෙක් රේගුවේදී අත්අඩංගුවට
Ranjith Monday, 28 May 2018 10:52 AM
මම හිතුවා පාර්ලිමේන්තුවේ එකා සමඟ කියලා