( රංජන් කස්තුරි)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උත්සාහා කරන්නේ නැවත වාරයක් රට ‘විපත් මගට‘ ඇද දැමීමට යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ඥාති -ගජ -මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටටම විනාශ මුඛයට ඇද දැමු හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ මුළු රට තුළම සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන්ද රට හුදකලා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට නැවත වාරයක් ‘විපත් මගට‘ ඇද දැමීමේ මහත් උත්සාහයක යෙදෙන බව එම නිවේදනයේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මංගල, ඔයාට තේරෙන්නේ නැහැ මේවා... සද්ද නැතුව ඉන්න. නිකන් උම්බෑ කියන්න එපා.
දෙගොල්ලම එකයි. එහෙම නොවේ නම් අද කිසිවෙකුට අඬන්නට සිදු නොවේ. බොරුව, වංචාව සමග පැවැත්ම ගෙනයන දේශපාලකයින් වඳකර ගැනීමට ජනතාව සමත් වියයුතුය.
සමහරු හිතන්නේ ගෝඨාභය සුපර්මෑන් කෙනෙක් කියලා කොළඹ සුපර් කලා කියලනේ... මහකයිවාරුව, මොකද බැරි අයියා ජනාධිපති... සහෝදරය ආර්ථික කටයුතු ඇමැති, තමන් ආරක්ෂක ලේකම්... සල්ලිත් තියෙනවා බලයත් තියෙනවා. ඕවා නැතිව ආවනම් කොයි අයියත් එකයි. සාක්කුවල සල්ලවලින් කරපුව නොවෙයි.., කොටහක් සාක්කුවල දමාගෙන කරපුවා, අනිත් එක මෙයාට සහයෝගය දෙන කණ්ඩායම හිතන්නේ මේ රටේ ඉන්න ඕනෑ සිංහල මිනිස්සු විතරයි කියලා... මේ අදහස් නිසා සීඝ්‍රයෙන් මහජාතියෙන් සුළු ජාතීන් වෙන්වෙනවා. ලෝකෙන් කොන්වෙනවා අකමැත්තෙන් වුවත් සුළුජාතීන්ගේ හැඟීම් හඳුනන කෙනෙක් තමයි ජනාධිපති වියයුත්තේ.... ජවිපෙ කියන්න වගේ මිනිහා කවුද කියන එක නෙවෙයි වැදගත්...
අනේ ඇමතිතුමා, කට මැත දොඩවන එක නවතා ඔබතුමාලා බලයට එන්න කලින් කිව්වනේ හොරු, මිනීමරුවන්, දූෂිතයන් බලය අයුතු විදියට යොදාගෙන රට පාලනය කළ අය අල්ලා හිරේ දානවයි කියලා... මුලින් ඒක කරන්න. ඊට පස්සේ ඔබතුමාගේ ඔය කැළඹිලි ගතිය බය නැතිව යයි. ඔබතුමාලාගේ නන් දෙඩවිලි අහලා අපට ඇතිවෙලා...
රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ මහත්තයෝ... හොඳට තිබුණු මුළු රටටම විනාශ මුඛයට අැදලා දැමුවේ යහපාලනය කියලා පහ පාස් දරුවෙක් පවා කියයි... එහෙම නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා මොලේ අසූචි වලින් පිරිච්ච කෙනෙක් වෙන්න ඕනේ...
එන පොට හොඳ නැහැ අබරෝ. රාජපක්ෂලා එනවෝ... හොයාගන්න තැනක් හැංගෙන්න. මැරෙනකම් විපක්ෂයේ අායෙමත්...
අම්මේ මුළු රටම හරි මගට ගෙනාපු කෙනෙක් මේ කතා කරන්නේ.. බදු පිට බදු ගහලා මිනිස්සුන්ගේ රීරි මාංශ උරාබොන ගමන් තව වැදි බණ කියෝනවා.. ගෝඨාභය රාජ්‍ය නිලධාරියෙක් විදිහට තමන්ගේ රාජකාරිය උපරිමයෙන් කළ අයෙක්.. ප්‍රභාකරන් මහත්තයෙක් වුණු උන්දැලාට ගෝඨාභයලා තස්ත්‍රවාදීන් වගේ පේන එක අරුමයක් නෙමෙයි..
සමහරක්ට තේරෙන්නේ නැහැ. ගෝඨාභය කරන්නේ ඇමරිකන් කන්ට්‍රක්ට් එකක් කියලා. ඇමරිකන් පුරවැසියන්ට ඕනෑ මේ රට එයාලගේ කොලනියක් බවට පත්කරලා කලුසුද්දෝ බලයට පත්කරලා අපේ රීරී මාංශ උරාබොන්න.
තව බලා ඉන්නේ මොකද? මේ අය කූඩු කරන්නේ නැතිව, ලංකාවේ නීතිය ඔච්චරම හීනවෙලා ගිහිල්ලද?
එවකට පැවැති පාලනය තුළ සියල්ල සිදුවූයේ රාජපක්ෂ අනසකට යටත්වයි. ලසන්තගෙන් නොනැවතී දඩයම දිගින් දිගටම ක්‍රියාත්මක වූ අතර, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, කීත් නොයර්, ලලිත්, කූගන්, ප්‍රගීත් එක්නැළිගොඩ ආදීන් කෘර මර්ධනයට ලක්විය. දරුවන් වෙහෙස මහන්සියෙන් උපයා ගත් ධනයෙන් මාපියන් වෙනුවෙන් දාන මාන කළ යුතුවුවද, මෙතුමන් රුපියල් ලක්ෂ 900කට අධික රජයේ මුදල් භාවිතා කර කෞතුකාගාර හදා මාපියන්ට උපහාර කලේ කිසිදු ලැජ්ජාවක් නොමැතිවයි. ඔල්මොරොන්දන් වූ මිනිසුන් වසන මෙවන් පසුගාමී සමාජයක එක්තරා කුලකයකට ගෝඨාභය වන්නන් වීරයන්සේ පෙනේ.
අනේ බම්බුව... බොරු බයිලා ගහලා රටේ බලය ගත්තා. එදා ඉඳන් රට වලපල්ලට ගියා. දැන් නිකන් බයිලා ගහන්න එපා. සේරම එකතුවෙලා රට කාබාසිනියා කළා.
සුදුවෑන් සංස්කෘතියයි, ගජ මිතුරු ආර්ථිකයයි ගැන කියලා ජනතාව බය කරලා ඡන්දය ගන්න බැහැ මහත්තයෝ... ජනතාව දුන්නු පොරොන්දු හා කළ ප්‍රකාශ ඉෂ්ඨ කරන්න ඕනෑ. බඩුමිල අඩු කිරීම, රැකියා ලබාදීම අධ්‍යාපනය, සෞඛ්‍යය ප්‍රවාහනය වැනි සුභසාධන සේවාවන් පවත්වාගෙන යාම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම, ස්වාධීන අධිකරණය, ස්වාධීන රාජ්‍යසේවය හා නිදහස් මාධ්‍යය ආදිය සුරැකීම මේ අතර වේ.
ගෝඨාභය යුද්ධයට බයේ අවුරුදු 15කට ඇමෙරිකාවට ගියා. යුද්ධය කාලේ ත්‍රිවිධ හමුදාවේ වීරයෙක් තමයි.
ඔහේ යුද්ධය වෙලාවේ මොංගල් කතා කියපු හින්දා රනිල්ට තිබුණු ලකුණු ගොඩක් කැපුනා. අායෙමත් පටන් ගත්තා දොඩවන්න.
ජාතිවාදයෙන් බුදුදහම අදහන, රාජ මෝහනයෙන් යටවූ අන්ධ ජනයාට නම් ගෝඨාභය වීරයෙකි.. ඒත් අපට නම් තවත් රාජපක්‍ෂ පවුලේ අයෙක් පමණි
ගෝඨාබය ජාතික වීරයෙක් ...
වසර 70ක් ජනතාවගේ හෘද සාක්ෂියට රැවටිලි බස් දොඩමින් රැවටුවා හොඳටම ඇති. සිටි අයත්, සිටින අයත්, එන්නට කුරුමානම් අල්ලන අය ගැන ජනතාව දැන් හොඳින් තේරුම්ගෙන ඉන්නේ...
දැන් අපිට යසඉසුරු පහළවෙලා තියෙන්නේ... තවත් බොරු අවශ්‍ය නැහැ. මේ අයට ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ. බොරු වපුරමින්, ජනතාව රවටමින් බඩගෝස්තරය රැකගන්නයි වුවමනාව... බඩගෝස්තරවාදීන්ට රැවටුණු කාලේ පහුවෙලා. රටේ ජනතාව මුලා නොකරනු... මේ කරන රැවටීම් වලට මේ අයට ඇපත් නැතිවෙන තැනට අපි එකමුතු වී වැඩ කරමු..
මේ පිංගුත්තර මොංගල් මේ රට විනාශ කරන බව ජනතාව දන්නවා. නිවටය කවදත් හිටියේ දේශ ද්‍රෝහියෙක් ලෙසයි.එදා කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරද්දී මෙයා උදව් කලේ කොටින්ටයි.රණ විරුවන්ට සහ එදා දේශ පාලන (රාජපක්ෂවරුන්ට)නායකත්වයට අවමන් කරමින් බටහිරයන්ගේ න්‍යාය පත්‍රය ගෙන ගියා.