( නාලක සංජීව දහනායක)
ජනතාව කප්පරක් ප‍්‍රශ්නවල පැටලී සිටියදී අලූතින් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
මෙවැනි පැලස්තර විසඳුම් මඟින් තම කඩාවැටීම වළක්වා ගැනීමට ආණ්ඩුවට නොහැකිවන බව ඒකබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ලංකාදීපයට පැවසීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
තම ප‍්‍රශ්නවලට විසඳුම් නැති නිසා ආණ්ඩුව ජනතාව අතර පිරිහෙනවා. ඒ අතරදි පසු පෙළිනුත් ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වෙනවා. මේ පීඩනය අවම කරගන්න මන්ත‍්‍රීවරුන්ට විවිද දොළ පිදේනි දෙනවා. මේවායින් ආණ්ඩුවේ කඩාවැටීම නවත්වාගන්න බැහැ.
COMMENTS
දැන්නම් ලංකාවෙන් වෙනරටකට යන්න කාලය ඇවිල්ලා.
තුන්වේල අඩුම මුදලකට ලැබෙනවා.කිසිම හිරිකිතයකින් තොරව ගිලදමනවා, පිං පඩි ලැබෙනවා, යාම් ඉම් , පිනට වාහන ලැබෙනවා ඉතින් මොන අඩුපාඩු ද ? පිටරට වල සංචාර නොමිලේම ලැබෙනවා .
'අනුන්ගෙ ඇහේ තියෙන පොල්කෙන්ද පෙනුණාට, තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලය පේන්නෙ නැහැ' කියන උපහැරණයට උදාහරණ හොයන දරුවන් ඉන්නවනම් මේ ලිපිය ගුරුතුමාට පෙන්වන්න පුළුවන්. කටකයිවාරු ගහන මුන්නැහෙලා පටන්ගත්ත කෙරුවාවල කරුම තමා මේ ගෙවන්නෙ. මේ බකතපස් රකින්නන් බලයට ආව දවසක්, දැන් බලය ඇති අම්බරුවනුත් මෙම කථාවම කියනව නැවත අහන්න ලාංකිකයන් විදිහට අපිට හේතු වාසනා තියෙනවා.
නස්රුදින් තම නැති වූ මංගල මුද්ද මිදුලේ සේව් කතාව සිහිපත් කරමි. ඒකාබද්ධ විපක්ෂය ද එය සොයමින් සිටියි.
මේ අයගේ පාලන කාලයේ කිසිම ප්‍රශ්නයක් රටේ තිබුණේ නැහැ රට කේතුමතී රාජධානිය වගේ තිබුණේ. ඒක නිසා තමයි මහරජතුමා ඇමතිවරු එකසිය හතලිස් ගාණක් එක්ක රට පාලනය කලේ අපේ හාමුදුරුවනේ.
හැමෝම එකම ගොඩේ. දේශපාලන හිගන්නෝ. හිගන්නොත් එහෙමනේ හිගකනවා නමුත් සල්ලි බැංකුවල තියෙන්න. කන්නේ රජ බොජුන්. සල්ලි පොලියට දෙනවා.
ජනතාවත් ප්‍රසන්න රණතුංග මහතා වැනි මන්ත්‍රීවරුන්ට දොලපිදේනි දෙනවා. ආණ්ඩුවත් ඔවුන්ටම දොලපිදේනි දෙනවා. ශ්‍රිලංකාවේ පට්ට හොරු මොනතරම් වාසනාවන්තද?
කලින් මේකේ තිබුණනේ පත්කරපු රාජ්‍ය ඇමැති නියෝජ්‍ය ඇමැති ලිස්ට් එක ඒ පුවත් ඉවත් කරලා තියෙන්නේ ඇයි? හෙට වෙනකොට තවත් වෙනසක් කරන්නද? අනේ මන්දා... ආව දවසේ ඉඳන්ම ඇමැති මාරු හරියට පලාපල වගේ විද්‍යානුකූල ක්‍රමයට ඇමතිකම් දීලා තිබ්බේ ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමති අලුවිහාරේ මේ වගේ විගඩම් පාර්ලිමේන්තුවක් දැක්කමයි ලෝකෙටම එකයි...
පෙර දිග ලෝකයේ ( දැන් ) නො බැබලෙන මුතුඇටේ ට කප්පරක් දෙව් දේවතාවන්ගේ අනිවාර්ය පිහිටයි!
මේ රටේ සුද්දාගෙන් පස්සේ ප්‍රශ්නයක් නැති වුන කාලයක් තිබුනද මහත්මයෝ.
නුමා මබ නිවැරදිය. මේ අම්බරුවන් 225 ම රග දක්වන්නේ ඔබට, මට, අපට හෝ රටට ඇති ආදරය නොවේ "තමන්ගේ පට්ටිය" රැකගැනීමටය. එබැවින් මහජනතාවගේ දුප්පත් මුදල්වලින් අලුතින් පත් උණු රෑනටත් හැකි ඉක්මනින් අඩුතරමින් ලක්ෂ 500 කාටවත් සුව පහසු යාන වාහන ලබා දිය යුතුය. එසේ නොවේනම් මේ අය සැමවිටම අඩනවා දැකිය හැකිය.
ඔන්න ඔහේ ඔය ටික දීපුවාවේ. 2020න් පස්සේ ආයේ අවුරුදු 25 කටවත් ඇමතිකමක් ගන්න ආණ්ඩු පක්ෂේ ඉන්න වෙන්නේ නැනේ. පවුනේ.