IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රටේ අර්බුද ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

(  නාලක සංජීව දහනායක -සුජිත් හේවාජූලිගේ)

රටේ ජාතික ආරක්‍ෂාව කඩාවැටී රාජ්‍ය නායකයන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවී තිබීම හා ඇතිවී තිබෙන ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පැවැත්වීම සඳහා ලබන සතියේදී වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂය අද (26) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රටතුළ දැඩි අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙන අවස්ථාවකදී සතිදෙකක කාලයක් පාර්ලිමේන්තුව රැස්නොවීම බරපතල බැවින් මෙම ඉල්ලීම කළ බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 

එමෙන්ම පොලිස්පතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහාද ඒකාබද්ධ විපක්‍ෂය මේ දිනවල සාකච්ඡාකරමින් සිටින බවත් පාර්ලිමේන්තුව කැඳවූ වහාම සෙසු දේශපාලන පක්‍ෂ සමඟද ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බළාපොරොත්තුවන බවද මන්ත‍්‍රීවරයා කීය.

මේ අතර ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය, පොලිස්පති හා පොලිසියට එරෙහි චෝදනා සම්බන්ධයෙන්දයෙන්ද පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාගේ ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන විපක්ෂය සහ  දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ බලාපොරොත්තු වෙති.

මේ සම්බන්ධයෙන් අප ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතාගෙන් කළ කරුණු විමසීමකදී ඔහු පැවසුවේ මෙවැනි විවාදයක් පැවැත්වීම කාලීන අවශ්‍යතාවක් බවයි.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් නායකයන් සමඟ ද සාකච්ඡා කර ඇති බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

පොලිසියට එරෙහිව ප්‍රබල චෝදනා රැසක් එල්ල වී පවතින මොහොතක ඒ ගැන මැතිසබයේ කතාබහ කිරීම ඉතා වැදගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අප සමඟ කීය.

පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය ගැන පසුගිය මැතිසභා රැස්වීමකදී තමා ප්‍රශ්නයක් මතු කළ බවද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසීය.



අදහස් (5)

රටේ අර්බුද ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

සතයපාල Wednesday, 26 September 2018 02:43 PM

කොරහේ කිඹුල්ලු දකින මොංගල් විපක්ෂ සංවිධායකවරයෙක් රටේ ඉන්නේ. කුමන්ත්‍රණයක් කළා යයි කී පමණින් ඒ ගැන විවාද කරන්න දඟලන්නේ රටේ ඇත්තටම ඇති ප්‍රශ්න ගැන කතා කරන්න නම් මෙවැනි වුවමනාවක් මේ අයට නැහැ. තව ටික දවසකින් කියයිද දන්නේ නැහැ එ්කාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වයට ඇතුලේ කුමන්ත්‍රණ තියනවා... ඒ ගැනත් විවාදයක් තියන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා...

:       0       0

surannga Wednesday, 26 September 2018 11:47 PM

පැරදුණු පචබලය කිරිපැකට්ටුවේන් බැරිවුණා.ඩොරලයෙනුත් බැරි වුනා.

:       0       35

dhamneth Thursday, 27 September 2018 02:05 AM

මේ ගොල්ලෝ මේ හදන්නේ කැළඹුන දියේ මාළු බාන්න. නැත්නං ගිය මාසෙත් මේ මාසෙත් දින දෙක දෙක පාර්ලිමේන්තුව කල්දැම්මා ඝනපුර්ණය නැතුව. ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම 10%ක් වත් නැහැ.

:       0       40

Shan Thursday, 27 September 2018 06:16 AM

මේ අයගේ ආරක්ෂාව තමයි රටේ අර්බුදය............

:       0       15

Hafeel Thursday, 27 September 2018 11:13 AM

පාර්ලිමේන්තුව කැඳවල රටේ අර්බුද විසඳන්න හැකි නං, මේ ගතවූ අවුරුදු 70 ම රට ණය උගුලට පත්වෙනවද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site