( තිළිණි ද සිල්වා )
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 10 ක් සඳහා නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
ඒ අනුව රුසියාවේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා ද ,නොර්වේ රාජ්‍යයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය ද, බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස එම්.එම්. ජෆීර් මහතා ද, කැනඩාවේ ශ‍්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා
ලෙස එම්.ඒ.කේ. ගිරිහාගම මහතා ද, පෝලන්තයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා ද,ස්වීඩනයේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ගනේගමආරච්චි මහතා ද,වියට්නාමයේ නව ශ‍්‍රී ලංකා
තානාපතිවරයා ලෙස එස්.එස්. පේ‍්‍රමවර්ධන මහත්මිය ද,දකුණු අප‍්‍රිකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස අනුරුද්ධ කුමාර මල්ලිමාරචිච මහතා ද, ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද, පකිස්ථානයේ නව මහකොමසාරිස්වරයා ලෙස නූර්දීන් මොහොමඞ් ෂහීඞ් මහතා ද පත් කර තිබේ.
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල් 10 ක් සඳහා පත්කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛත‍්‍රීපාල මහතා හමුවූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.
අලූතින් පත් කළ එම තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දුෂිතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බවය.
ශ‍්‍රී ලංකාවේ විදේශ පිළිවෙත සියලූ ජාතින් සමග මිත‍්‍රත්වය පවත්වා ගැනීම බවත්, යම් හේතුවක් මත එම ද්විපාර්ශ්වික මිත‍්‍රත්වයට පලුද්දක් ඇතිවී තිබේ නම් එය වහාම නිවැරදි කිරීම ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දුෂිතයින්ගේ වගකීම බවද මෙහීදී ජනාධිපතිවරයා තානාපතිවරුන් හමුවේ පැවසීය.
නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු අමතා ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රාජ්‍ය දුත ප‍්‍රධානින්ගේ ප‍්‍රධාන සහ පළමු වගකීම වන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය විදේශයන්හි ප‍්‍රවර්ධනය කිරීම සහ තමන් සිටින රටවලින් උපරිම සහයෝගය මෙරටට ලබා ගැනිමට කටයුතු කිරීම බවයි.
සමාජ මධ්‍ය හා වෙනත් ඇතැම් මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීමට යම් යම් පිරිස් කි‍්‍රයාකරද්දී ශ‍්‍රී ලංකාව පිළිබඳ නිවැරදි ධනාත්මක ප‍්‍රතිරූපය පෙන්වීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
ජනාධිපති ඇත්ත කියයි "අලුතින් පත් කළ එම තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූෂිතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බවය."
දයාන් ජයතිලක මහතා දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්... පුදුමයි එතුමා මේ තනතුර බාරගත්තා.. මෑතක් වනතුරු මහින්දට තෙල් සාත්තු කරපු කෙනෙක්. ජනාධිපති මෛත‍්‍රිපාල රනිල් ප්‍රමුඛ රජය පතුරුත් ගැහුවනේ. එ්කනේ කියන්නේ කබරගොයා තලගොයා වෙනවා කියලා..
රාජ්‍ය දුෂිතයින් - කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කිව්වලු.
"අලූතින් පත් කළ එම තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය ශ්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බවය "මෙහි සිංහල අකුරුවල අඩුපාඩුවක්ද? නැත්නම් අපගේ ඇස්වල දුර්වලතාවයක්ද?
මේ සමහර තානාපතිවරු පහුගිය අවුරුදු 10-15 කාලෙක ඉඳලා ලංකාවේ උන්න අයවත් නොවෙයිනේ.
ඔව් ඔව් අපිව පිටරටවලදී නියෝජනය කරන අයට වඩා රට ඇතුලේ ඉඳන් අපිව නියෝජනය කරන අය කෙලින්ම ඔය කිව්ව කාන්ඩේට අයිතියි.
මේ අයගෙන් ඇත්තටම විදේශිය තනාපති සේවයට සුදුසුකම් ඇති හා ඒ සම්බන්ධව සුදුසුකම් හා පළපුරුද්ද ඇති අය කීදෙනෙක් ඉන්නවාද කියන එක තමයි ප්‍රශ්නය.
කවුද මේ රාජ්‍ය දූෂිතයින් කියන්නේ?