(විනීතා එම් ගමගේ)
ආණ්ඩුව කටයුතු කරන ආකාරය නිසා සිදුවන්නේ මේ වනවිට සමාජය ඉදිරියේ සළුපිළි ගැලවී නිරුවත් ව සිටින අන්තවාදි මුස්ලිම් දේශපාලඥයින් වටා යළි මුස්ලිම් ජනතාව එක් රොක් වීම යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී මහ පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.
ගොඩනැගෙන බෞද්ධ බලවේග වෙනතකට හැරවීමේ දේශද්‍රෝහී වැඩ පිළිවෙලක් ක‍්‍රීයාත්මක වනබවත් එයට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ කීහ. පවතින තත්ත්වයට සියලූ දෙනා සබුද්ධිකව මුහුණ දිය යුතු බවත් ජාතිකවාදි බලවේග හොරුන්ගේ ග‍්‍රහණයට අසුවන්නට ඉඩ දිය යුතු නැති බවත් මැදගොඩ හිමියෝ කීහ.
සිංහල බෞද්ධ බලවේගයක අවශ්‍යතාවය ජනතාව පෙන්වා දෙන්නේ යැයි ද සිවුර පාවඩයක් කරගෙන දේශපාලනයට එන්නටත් ජාතික බලවේග අතට ගන්නටත් පිරිසක් සුදානමින් සිටින්නේ යැයි ද කී උන්වහන්සේ ජාතික සළු පිලි දවටා ගෙන යලි දේශපාලනයට එමින් සිටින මේ පිරිස හෙළි කළ යුතු යැයි ද පැවැසූහ.
මොවුන් අතරින් සමහරු සිවුරේ ගෞරවය විනාශ කළ අය බවත් තවත් සමහරු ආරක්ෂක හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කරන්නේ නැතැයි පවසා බලයට ආ අය බවත් කී අභයතිස්ස හිමියෝ මේ ගැන සහතික වෙමින් බලයට ආ ඔවුන් දැන් කරන්නේ කුමක් දැයි ප‍්‍රශ්න කළහ.
රටට විප්ලවයක් අවශ්‍ය බවත් ලී ක්වාන් යූ වැනි නායකයෙක් රටට අවශ්‍ය බවත් පැවැසූ මැදිගොඩ හිමියෝ පක්ෂ දෙකේම ඇති දූෂිත නායකයින් නැති කළ යුතු බව ද කීහ.මේ ත‍්‍රස්තවාදය තුරන් කරන්න අවම වශයෙන් වසර දෙකක් වත් යනු ඇතැයි සරත් ෆොන්සේකා මහතා දෙතුන් වතාවකම කීවේ යැයි ද ඒ අන්තර්වාර ආණ්ඩුවක් ඇති කිරිමේ ආණ්ඩුවේ උවමනාවට විය යුතුයැයි ද පැවසූ උන්වහන්සේ අන්තර්වාර ආණ්ඩු ඇති කරන්නේ බටහිර වුවමනාවට යැයි ද පැවසූහ.
වහබ්වාදය පවා එංගලන්තය ඇතුළු බටහිර රටවල උවමනාවට ආරම්භ කළේ ඉන්දියාවේ හින්දුන් හා ඉස්ලාම් භක්තිකයන් අතර ගැටුම් ඇති කිරීමට බව පෙන්වා දුන් අභයතිස්ස හිමියෝ ඉන් අනතුරුව විවිධ රටවල දේශපාලන මැදිහත්වීම් ඇති කර ගන්නට යුද්ධ ඇති කල බවත් අපේ රටෙත් මේ තත්ත්වය ක‍්‍රමාණුකූලව ඇති කරන්නට සුදානම් වෙමින් සිටින බවත් කීහ.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදින් බව ද පහර කෑවේ කිතුණු ජනතාව බවද එසේ වී නමුත් විවිධ පාර්ශව උත්සාහ කරන්නේ බෞද්ධ ජනතාව කුපිත කරන්නට බවත් කී උන්වහන්සේ බෞද්ධ නිවාස පරික්ෂා කරන්න ආයුධ අසුවේවි යැයි බදුර්දීන් ඇමතිවරයා කියනු ඇසුණු බවත් පැවැසූහ
ආණ්ඩුවේ උවමනාවත් ගැටුම් නිරාකරණය නොව ගැටුම් ඇවිලවීම බව පෙන්වා දුන් මැදගොඩ හිමියෝ මේ අවස්ථාවේ මහා සංඝරත්නය පාවඩ එලන්නා විය යුතු නැති බවත් ගැල්කරුවා වී ආණ්ඩුව නිසි තැනට දැක්කීමට කටයුතු කළ යුතු බවත් කීහ. දැන් කඩු අල්ලන ඒවා පෙන්නන්න එපා කියන්නේ පපුවේ අමාරුව තිබෙන කෙනෙකුගේ පපුවේ අමාරුව තිබුණට කමක් නැහැ. ඊසීජී ගන්න එපා කියන්නා වගේ වැඩක් යැයි ද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
මේ ප‍්‍රහාරවල සබදතා පෙනෙද්දිත් දේශපාලඥයින්ගේ උවමනා මත කටයුතු කරන ආණ්ඩුව සියල්ලට වගකිව යුතුයි යැයි පෙන්වා දුන් උන්වහන්සේ කාතන්කුඩි පල්ලි පරික්ෂාවට හමුදාවට නීතිමාලාවක් පවා දමා තිබෙන බව හමුදා නිලධාරින් කියන්නේ යැයි ද ඔවුන්ට පල්ලි පරික්ෂාවට යන්නට සිදුව ඇත්තේ දැනුම් දීමෙන් පසුව යැයි ද පැවැසූහ.
අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ ජාතික විද්වත් භික්ෂු සංසදය පැපිලියාන සුනේත‍්‍රාදේවි මහ පිරිවෙණේ අද(12) පැවැත්වූ මාධ්‍ය හමුවක දීය.
ජාතික විද්වත් භික්ෂු සංසදයේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර නාහිමියෝ රටට වේ අවස්ථාවේ අවශ්‍ය මැතිවරණයක් මිස සභාග ආණ්ඩු හෝ අන්තර්වාර පාලනයක් නොවන බව පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් කඩේ යන එක නවත්වන්න.. නැතිනම් ඔය සුර ගලවන්න..
පිණ්ඩපාතේ වැඩලා නම් ඔය කියන නායකයා හොයාගන්න ලැබෙන එකක් නැහැ අපේ හාමුදුරුවනේ... තව ටිකක් උනන්දුවෙලා ප්‍රචාරක කටයුතු කරන්න වෙයි. දැන් ඉතින් පුරවැසිභාවය පිලිබඳ ගැටළුවත් නිරාකරණය කර ගත්තා කියලනේ කියන්නේ...
හාමුදුරුවනේ මේ රටට ජාතිකවාදී නායකයෙක් හිටියටම මදි. රටට ජාතික ප්‍රතිපත්තියකුත් ඉතාම අවශ්‍යයි. මෙරටේ සිදුවන සියලු විනාශයන්ට මුල වන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැතිකමයි. එක් කලෙක රටට අහිතකර පණතක් සෙනේට් සභාවෙන් පරාජයවීම නිසා සෙනේට් සභාව අහෝසිකලා. එනිසා නැවත නිර්පාක්ෂික උගතුන් හා බුද්ධිමතුන්ගෙන් නැවත සෙනේට් සභාවක් ඇතිකල යුතුයි
අනේ නිකන් ඉන්නවා.. කට වහගෙන ..!
මට ප්‍රශ්නය වී ඇත්තේ දැන් ඡන්දය කාට දිය යුතුද යන්නයි. කලින් ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් ගොඩක් වැරදි තියෙනවා. ජවිපයත් විශ්වාස නැහැ. දැන් තියෙන්නේ ප්‍රසිද්ධ වැරදි නැති හොඳ මිනිස්සු ටිකක් එකතු වී දූෂිතයන්ගෙන් තොර සංවිධානයක් ගොඩනගාගෙන ඡන්දයකට යාමයි. සිංහල මිනිස්සුන්ට එකතු විය හැකි විය යුතුය. නැතිනම් වනුයේ තවතවත් බෙදීම පමණයි. බෙදෙන්න බෙදෙන්න සිංහල ජාතිය නැතිවන බව පැහැදිලි කළ යුතු නොවේ.
දේශපාලන නිරුවත පෙන්වා දැන් බොහෝ කල් බව අමතක වී ඇත. එක් දේශපාලකයෙකුට රෙදි නැතුව කඩේ යන විට රටේ මිනිස්සුන්ට තමා ගැන ඇති තක්සේරුව බින්දුවට වැටෙන බවට ජීවමාන සාක්ෂියක්....
හාමුදුරුවනේ මේ අාණ්ඩුව කරන මහ එවුන්ටයි. එ්කට තවම සහයෝගය දෙන උන්ටයි ඔවා කියලා ඵලක් නැහැ. උන්ට රට ගැනවත්, අනිත් මිනිස්සු ගැනවත් හැඟීමක් නැහැ. අනිත් අය ඔක්කොම මැරුවත් රටක් නැති වුණත් කමක් නැහැ. තමන්ගෙ හතර රියන බේරෙනවා නම්... ඔවුන්ට මේක තෙරෙන කොට රටත් නැහැ. උනුත් නැහැ.. අපිත් නැහැ...
ඔබ වහන්සේ හිතා ඒ ගැන කරුණු කිහිපයක් පෙන්වා දී තිබෙනවා. බුද්ධියෙන් විමසා කටයුතු කරන්න අප වදිවිය යුතුයි.
උඩ මනුෂ්‍යයෝ නොවන අමනුෂ්‍ය සතුන් අදහස් දක්වා ඇත. හරි දෙය හරි කියන්න හා වැරදි දෙය වැරදි කියන්න සෑම දෙනාටම අයිතිය ඇත. එය අවංක සෘජු බව. අන්තගාමී නොවන කරුණාව. මිතුරු බව. බුදුරජාණන් වහන්සේ පවා එලෙස ධර්මය/සත්‍ය දේශනා කර ඇත. ගිහි අන්තගාමී මිනිසුන් එය පක්ෂ, පාට කණ්නාඩිතුලින් දැකීම දේශකයාගේ වරද නොවේ. මෙවැනි වසල පව්කාර අය නිසා තමන් පමණක් නොව තම දෙමාපියන් අඹු දරුවන් පවා ශාපයට විනාශයට යාම ගැන කණගාටුයි. කිරි දොවපු ගමන් මිදෙන්නේ නැත. සෙරෙප්පු දාපු ගමන් නොපෙනේ. තමා කරන කියන සිතන දේ අනුව ජනිතවන කර්මය බලපාන අයුරු වර්තමාන රට දෙස බලාවත් තේරුම් ගන්න. (යහපාලන) තවත් අවශ්‍ය නම් ධම්ම පදයේ දණ්ඩ වර්ගය කියවා තේරුම් ගන්න. දිට්ඨ ධම්ම වේදනීය කර්මය ගැන.
අලුත්ම නායකයෙක් මිස මේ ඉන්න හෝ හිටපු නායකයන්ගේ වැඩක් රටට වෙයිද?
සැබවින්ම රටට ආදරය කරන පටු අභිමතාර්ථ වලින් තොර නායකයින් දෙමළ, මුස්ලිම් මෙන්ම සිංහල ජාතියටද අවශ්‍යයි. ආගම් ජාතිවාදය හැම ජනතාවම පිටු දැකිය යුතුය. රටේ දියුණුවට හැමෝම දායක කරගත හැකි නායකත්වයක් අවශ්‍යයි. අපි දැන් කරන්නේ බේද භින්න ඇති කරමින් රට විනාශ කිරීමයි..
පාත්තරයක් අරන් ගියා නම් කවුරුහරි හම්බවෙයි. මහත්තයෝ ශික්ෂණය හා විනය අතිගරු කාදිනල්තුමාගෙන් ඉගෙන ගත්තොත් හොඳයි.
ඇමරිකානු නියෝජිතයෙක් ජාතිවාදය මුවාවෙන් එන ලකුණු..
මේ කියන්නේ අැත්තක් වුනත් බොක්කේ තියෙන්නේ රාජපක්‍ෂ දඩමස්! එ්ක නිසා මේවා වැදිබණ...
කීදෙනෙක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ දේශපාලකයින් කීදෙනෙක් කඩේ යනවද? තනතුරු ලබා ගැනීමේ පරමාර්ථයෙන් කථා කරන බව දන්නෝ දනිති. රට වැසියනුත් මේවා දැන ගතයුතුයි. ඔබ වහන්සේගේ රියදුරාගෙන් අලුතෙන් ගත්තු වාහනයේ නොම්බරය ගන්නේ නැතුව පදින්නේ මොකක්ද කියලා ඇහැව්වාම දුන් උත්තරය දන්නවද? පස්සේ විකුණගන්න වටිනාකම වැඩිවෙන නිසා කියූ බව මතක් කර දෙන්න කැමැතියි. ඒ නිසා සැබෑ ස්වරූපය රටවැසියා දැනගත යුතුයි. ඔයිට වඩා නූගත් යැයි කියන අයට ඕනෑතරම් ඉන්නවා. ඒ නිසා දේශපාලනය කරන්නේ නැතුව ඔය විශ්වවිද්‍යාලයේ පීඨය දියුණු කරන්න. ලොකු වැටුපක් ගන්න නිසා දවස ගානේ ගිහිල්ලා වැඩකරන්න.
බුද්ධිමත් නායකයෙක් මිසක් වෙන වෙන නායකයෝ නම් රටට වැඩක් වෙන්නේ නෑ. හිටපු අයත් වැඩක් නෑ මොකද ඉන්න අයගෙයි, එයාලගෙයි ලොකු වෙනසකුත් නෑනේ. 2015 සිරිසේන දිනපු ගමන් තුනෙන් දෙකක් හිටපු මහින්දගේ අය මේ ආණ්ඩුවට ආපු හැටි දැක්කනේ බල පේරේතකමට. ඊළඟ ඡන්දයෙන් විපක්ෂයේ අපේක්ෂකයා දින්නොත් මේ ඉන්න ආණ්ඩුවේ කොතෙකුත් ඒවී බලපෙරේතකමට... ඉතින් අලුත් කණ්ඩායමක් රටට ඕනෑ..
ඉතාමත් කණගාටුයි. සමහරුන්ගේ පහත් අදහස් දැක්කම ..මේ හාමුදුරුවරු කියපු සියළු දේම ඇත්ත වුණා.. ඒත් රට මේ තැනට ඇදල දාපු දේශපාලන කුහකයෝ තවමත් තමන් කරපු විනාශය ගැන පසුතැවීමක්වත් නැතුව කරන්නේ ඇත්ත පෙන්වන හාමුදුරුවන්ට හරහන එකයි..
දැන් අපේ රටේ මිනිස්සු අලුත්ම නායකයෙක් හොයනවා. ඒ උලුප්පන්න හදන නායකයත් පරණ වල්ලේම අලුත් ඇට්ටියක් විතරයි. කරුණාකරලා නායකත්වයට පිපෙන්න දෙන්න. එක එක්කෙනා ඒ ඒ අයගේ වුවමනාවන්ට හරියන විදිහට පුප්පවන්න ගියාම වෙන්නේ නිවැරදි මල හඳුනාගත නොහැකිවීම පමණයි. මේ කරන්නේ රටට මහා අපරාධයක්...
මේ දේශපාලන හොරු මැද පෙරදිගට එක්ක ගිහින් කප්පම් දීලා දැන් ඒවා වමාරන්න බැරිව කිතුල් ඇට කාපු උගුඩුවෝ වගේ මුනිවත රකිනවා. රට බදියුර්දීන්ට කන්න දීලා...
ඔය 4 වැනි ඡේදයේ තියන කාරණය ඒ වන් අභි සං හරති කියන බුදු වදනට දාලා බැලුවොත් හොඳයි නේද උන්නාන්සේ..?
මැදගොඩ සුමනතිස්ස හාමුදුරුවන්ටත්, විදුදය සරසවියටත් නිගාදෙන්නකි ...
දැන් කාටද කඩේ ඕනේ...?
කව්ද ඔය කියන නායකයා. අනේ කියල වැඩක් නෑ. මේ සියළුම සිංහල නායකයො අවස්ථාවාදී බලලෝභී අයයි. එයාලා ඔක්කොම සුළු ජාතික ඡන්දයෙන් බලයට එන්න බලාගෙන ඉන්න අය.
එහෙම නායකයෙක් මේ රටේ හොයාගන්න පුලුවන්ද? ඔක්කොම ඉන්නේ හොරු තමයි
ශාසනයට විනයවාදී ධම්මවාදී හිමිවරුද අවශ්‍යයි.
ඇමරිකානු නියෝජිතයෙක් ජාතිවාදය මුවාවෙන් එන ලකුණු.. බොක්කේ තියෙන්නේ රාජපක්‍ෂ දඩමස්! ඒක නිසා මේවා වැදිබණ...
ජාතිකවාදී නායකයා ගෝඨාභය නම් නෙවෙයි....
ජාතිවාදී නායකයෙක් මොනවටද හාමුදුරුවනේ..... රට ගිනි තියන්නද?
පාඩුවේ ඉන්න ..
පැපිලියාන සුනේත‍්‍රාදේවී මහ පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියනි. අපට ඔය "ජාතික වාදී" නායකයෝ කව්ද කියල නම් කරන්න බැරිද? එතකොට අපට ඊළඟ ඡන්දෙදි කතිරේ ගහන්න පුළුවනි.
ඉතින් රටේ ආරක්ෂාව සම්බන්දයෙන් අද සිටින ඉහලම සුදුසුම පළපුරුදුම නායකයාට ආරක්ෂාව බාර දෙන්නේ නැතිනම් මොන වගේ නායකයෙක් ගැනද මේ කියන්නේ? නායකයෝ නැතිකමම නොවේ නායකයින්ට වැඩ කරන්න ඉඩ නොදීමයි ප්‍රශ්නේ.
අවසර, ඔයිට කලින් ඔබවහන්සේලා ශාසනයට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවොත් නරකද? එහෙම නැතිනම් අර කාදිනල්තුමාගෙන්වත් ඉගෙන ගන්න. දේශපාලකයින්ට ගැති නොවී ආගමික කතිකාවතක් ඇති කරන්නේ කොහොමද කියලා...
මුසල්මානුවෝ සිංහලයාගේ රටේ කැකුණ තලනකොට රටේ මුර දේවතාවුන් වන බෞද්ධ භික්ෂුවට "පාඩුවේ ඉන්න" කියන්නේ මොන පින්ගුත්තරයාද? අතිගරු කාදිනල්තුමා කීවෙත් බුද්ධාගම නිසා අනික් ආගම් රැකෙන බවයි. අවුරුදු 2600ක බුද්ධාගම මේ රටේ නිකන් රැකුණේ නැත. මෙවන් භික්ෂූන් එය රැකදුන්නා.
හාමුදුරුවෝ මොන බන කීවත් වැඩක් නැත . පාර්ලිමේන්තුවට උගතුන් යවන්නේ නැතිව . හාමුදුරුවෝ ලබන ඡන්දෙට වැඩ කරනවනවානම් පළමුවෙන්ම නාමයෝජනා දෙනකොට අධ්‍යාපන සුදුසුකම් බලල දෙන්න කියල ජනාදිපති තුමාට කියන්න. අගමැති තුමාටත් කියන්න. නැතිනම් පරණ තත්වයටම වැටෙනවා. අනිත් එක සිවුරට නොගැලපෙන වැඩ වලින් අයින් වෙන්න . .