IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රජරට කිරි ගොවියෝ කිරිපිටි සමාගමේ ප්‍රාදේශීය කාර්යාලය වටලති

( දයාරත්න ඇඹෝගම සහ බී.ජී චතුරංග )


ප්‍රසිද්ධ කිරිපිටි සමාගමකට සපයන ලද කිරි සදහා ලැබිය යුතු මුදල් ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවින් දහසකට අධික පිරිසක්  අද (03)  එම ආයතනයේ  අනුරාධපුර ප්‍රාදේශිය කාර්යාලය වටලා එහි නිලධාරින් සිර අඩස්සියට ගත්තේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය,කැබිතිගොල්ලැව, කහටගස්දිගිලිය, ඹාවැව, නොච්චියාගම යන ප්‍රාදේශ වලින් අනුරාධපුරයට පැමිණි කිරි ගොවිහු දහසකට අධික පිරිසක් අද(03) පෙරවරුවේ අනුරාධපුර පොදු වෙළද පොලේ සිට මෛත්‍රිපාල සේනානායක මාවත දිගේ ගොඩගේ මාවත දක්වා විවිධ සටන් පුවරුද ප්‍රදර්ශනය කරමින් කිරි සදහා හිග මුදල් ලබාදෙන ලෙසට බල කරමින් පැමිණ එම  සමාගමේ ප්‍රාදේශිය කාර්යාලය වැටලීය.

 

 එහිදී  අදහස් දක්වමින් එම ආයතනයේ ප්‍රාදේශිය කළමණාකරු නදුන් වේලාරත්න මහතා කියා සිටියේ මේවන ලබාදිය යුතු වාරික තුනකින් ජුලි මස එක් වාරිකයක් මේ වන විටත් කිරි ගොවියන්ගේ බැංකු ගිණුම වල තැන්පත් කර ඇති බවයි.

එහෙත් ඊට එකඟ නොවු කිරි ගොවින් ඉල්ලා සිටියේ තවත් එක් වාරියක් හෝ තම ගිණුම්වල තැන්පත් කරන ලෙසයි.එසේ නොමැති වුව හොත් තමන් මෙම ස්ථානයෙන් පිටව නොයන බවද ඔවුහු පැවසුහ.

 අනතුරුව  දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡාවෙන් පසු  උද්ඝෝෂකයින්ගෙ ඉල්ලීම් ලබා දෙන බවට කළ ඉල්ලීම් වලින් අනතුරු උද්ඝෝෂණය අවසන්  කෙරෙිණි.



අදහස් (2)

රජරට කිරි ගොවියෝ කිරිපිටි සමාගමේ ප්‍රාදේශීය කාර්යාලය වටලති

සතයපාල Monday, 03 September 2018 04:23 PM

පාරිබෝගිකයා ලෙසම නිශ්පාදකයාද ගසාකන අතරමෑදියා වන මේ බහුජාතික බුවල්ලන්ගේ තම පුරවැසින් ආරක්ෂා කිරිමේ වගකීම ආණ්ඩුව හිතාමතාම පැහැර හැරීම නිසා අද රටතුල මේ බහුජාතික සමාගම් හිතුවක්කාරී හා විනාශකාරී ලෙස තම කටයුතු කරගෙන යන බවක් පෙනෙන අතර රටේ ජනතාව හෝ පෙලගැසී මේ බහුජාතික බුවල්ලා මට්ටු කිරිමට පෙළඹීම සතුටුදායක පුවතකී.

:       0       0

dias Monday, 03 September 2018 04:58 PM

මේ රජයේ ප්‍රතිපත්ති නිසා දේශීය කිරි ගොවියා අනාථ උනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site