(ශිරාන් රණසිංහ)
රාජ්‍ය සේවකයන්ට ලබාදෙන සංයුක්ත දීමනාව (සේවා ස්ථානයෙන් බැහැර සේවා දීමනාව) රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා වැඩිකර තිබේ.
නමුත් මෙම සංයුක්ත දීමනාව රජයේ ගුරුවරුන්ට ලබා නොදෙන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි 241,000ක ගුරුවරුන්ට ද එම දීමනාව ලබාදෙන ලෙස ලංකා ගුරු සේවක සංගමය ඇතුළු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
2018-08-18 වැනි දා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ 20-2018 වතු ලේඛනයට අනුව රාජ්‍ය සේවකයන්ට ගෙවූ සංයුක්ත දීමනාව මෙලෙස වැඩිකර තිබේ.
රාජ්‍ය සේවකයන් ලක්ෂ 14ක් සිටින අතර ගුරුවරු තම සේවා ස්ථානවලින් බැහැරව ‘සේවා සැසි’වලට සහභාගී වන නිසා තමන්ට ද එම දීමනාව අවශ්‍ය බව ගුරු සංගම් කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරු දෙවිවරුය. එහෙත් මේ සංගම් අප හදවත් තුල තිබෙන ගුරු ගෞරවයට හානිකරන බව පෙනේ. ඔය විදිහට බැලුවොත් පඩි සහිතව වසරකට මාස ගණනක් නිවාඩු අනෙකුත් රජයේ සේවකයන්ට නොලැබෙන බව මේ සංගම් වලට නිකමටවත් කල්පනා වුනේ නැතිද ? ගුරු දෙවිවරු අප සමග අමනාප නොවෙත්වා. අප පෙන්වා දුන්නේ මේ සංගම් වලට කල්පනා නොවූ දෙයක් පමණය.
අනේ ඒකාලේ ලැබුනේ රුපියල් 6-10 යයි. ඕක ගන්නත් දිග ට්‍රැවලින් ක්ලෙම් එකක් පිරවුවා. ඒ ට්‍රැවලින් ක්ලෙම් එකේ " ගමන් කලේ අශ්වයා පිටද" කියලත් අසාතිබුනා මතකයි.
1967 කාලයේ ලග්ගල කළුපහන ප්‍රදේශයේ මහ කැලේ කූඩාරම් ගසාගෙන රාජකාරී කල මට ලැබුනේ සංයුක්ත දීමනාව දිනකට රු 6 යයි මාසයට රුපියල් 180 වයි. ඒ දෙපාර්තමෙතුවට බැඳුන පලමු අවුරුද්දේ. අදනම් රුපියල් 30000 අවම වශයෙන් ලැබෙනවා. කළුපාන සිට ලග්ගලට ආවේ අඩිපාරේ. ජීවිතය හරිම දුෂ්කරයි එත් එකාලය සුන්දරයි.
අනේ පව් ගුරුවරු රජයේ සේවකයෝ නොවෙයිද? දඬුවම් දෙනවිට රජයේ සේවකයෝ අයිතිවාසිකම් ඉල්ලනකොට රජයේ සේවකයෝ නොවෙයි. ගුරුවරු නිසා ඉගෙනගෙන ඉහලට ගිය අය ගුරුවරු දිහා බලන්නේ ඔහොමයි. නමුත් සාමාන්‍ය පෙළවත් සමත් නැතිව දේශපාලනයට රිංගාගත් ගොයියලා විනිශ්චයකරුවන්ට සමාන වැටුප් ලැබීම ලංකාවටම හරියන විහිළුවක් නේද?
මාර ගානකින් වැඩිකරලානේ
කාලෝචිත ඉල්ලීමක්. මමත් දැනට වසර 12 කට පෙර වසර 11 ක් ගුරුවරයෙකු ලෙස අති දුෂ්කර පාසලක සේවය කළා. දරුවන් භාරව විවිධ ගමන් ගියා. නමුත් වියදම අතින් දරා ගෙන ගියේ. පාසල් සංවර්ධන සමිතියෙන් හෝ පහසුකම් සේවා ගාස්තුවලින් ගන්න මුදල් ඒවාගේ නැහැ. අනෙක බොහෝ ගුරුවරු එම මුදල් දරුවන්ගේ නිසා ගන්න කැමති නැහැ. වෙනත් අරමුදලකින් සංයුක්ත දීමනාව ගන්න පුළුවන් නම් ගුරුවරුන්ට සහනයක්.
ස්ටාලින් මහත්තයට කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා කරගන්න උත්සායක් තමයි ගන්නේ. මෙම චක්‍රලේඛය ගුරුවරුන්ට අදාල නැහැ කියලා කොහේවත් නැහැ. එම චක්‍රලේඛයෙන් කරලා තියෙන්නේ මීට පෙර පැය 12 කට වැඩිනම් දීපු සංයුක්ත දීමනාව දැන් පැය 24 කට වැඩි නම් දෙගුන කිරීමයි. ඕන රාජ්‍ය සේවකයෙක් පැය 24 කට වැඩියෙන් සේවා ස්ථානයෙන් බැහැරව ගොස් යම් රාජකාරියක නිරතවන්නේ නම් මෙම චක්‍රලේඛය අදාල කරගත හැකියි. ගුරුවරුන් මැතිවරණ රාජකාරි ගිය විට අදාල කරගන්නේ ද මෙම චක්‍රලේඛනයම තමයි. මෙතෙක් කල් එතුමන්ලාට මැතිවරණ වලදී සංයුක්ත දීමනාව දීලා නැත්ද යන්න ස්ටාලින් මහත්තයගෙන් අහන්න කැමතියි.
ගුරුවරුන්ට සංයුක්ත දීමනාව හිමියි. නමුත් එය ගන්න වැය ශීර්ෂයක් නැහැ. ගන්න වෙන්නේ පාසල් සංවර්ධන ගිණුමෙන්. නමුත් හැම පාසලකම ඒ සඳහා වෙන් කරන්න මුදල් නැහැ. එමනිසා රජය මගින් ඒ සඳහා යම් ප්‍රදානයක් (වැය ශීර්ෂය යටතේ) ලබාදීමයි කළ යුත්තේ....