අමල් වික්‍රමරත්න  

රජයේ සේවකයනට ලබාදීම සඳහා පසුගිය  රජය යටතේ හබරාදූව තොටුපලවත්ත ප්‍රදේශයේදී මීට වසර 07 කට පමණ ඉහතදී ඉදිකර වැඩ නිමවා  තිබූ නිවාස 576 කින් යුත්  ‘නිල සෙවණ‘  නිවාස සංකීර්ණයට අද අත්වී ඇති ඉරණමයි මේ.

ලක්ෂ 40ක පමණ මුදලකට තක්සේරු කර රජයේ සේවකයනට නිවාස ලබාගැනීමට ඉල්ලුම් කරන ලෙසට දැන්වුවද මේදක්වා එකම රජයේ සේවකයකු හෝ නිවාස ඉල්ලුම්කර නැත.  හබරාදුව නගරයේ අක්කර හතක  පමණ භුමියක නිවාස 64 බැගින් වූ නිවාස සංකීර්ණ 09 කින් සමන්විත මෙම   නිල සෙවන නිවාස  576 වහල, දොරජනෙල් , වැසිකිලි, කැසිකිලි පද්ධති සියල්ල ගලවා දමා නැවත අලුත්වැඩියාවකට සුදානම් කර ඇත.

ජායාරුපවල දැක්වෙන්නේ  හබරාදුව නිල සෙවන නිවාස වල අද වනවිට තත්වයයි.