(එෆ්.අස්ලම්)
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය ලබාදෙන පිළිතුර සැළකිල්ලට ගෙන ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සලකා බලන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
2015 වසරේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේම අනුග්‍රහය සහ සම අනුග්‍රහය මත සම්මත කරගත් යෝජනාවෙන් මිදීමට ශ්‍රීලංකා රජයට නොහැකි බව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කළේය.
ලබන පෙබරවාරී මස අවසානයේ ආරම්බ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය හා ශ්‍රීලංකාව සම්බන්ධයෙන් 2015 වසරේදී සම්මත කරගත් යෝජනාව පිළිබද දමිළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව අවධාරණය කළහ.
වැඩිදුරටත් අදහස් දක්වන එම්.ඒ සුමන්තිරන් මහතා මෙසේද කීය.
ලබන පෙබරවාරි මස අවසානයේ ආරම්බ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකා රජය කියන කාරණාවන් බලල අපි අපේ මීලග ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරනවා.2015 වසරේ දී සම්මත වූ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජය සම අනුග්‍රහාය දක්වා පොරොන්දු වී තිබෙනවා.යුද අපරාධ මානව හිමිකම් කඩවීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් වගවීම ගෙන රජයට එම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් බැහැර වීමට හෝ මිදීමට නොහැකියි.
පැවති යහපාලන ආණ්ඩු සමයේ එක්සත් ජාතික පෙරමුණට ජනතා සහාය ලබාදීම තුළින් යහපත් කාර්යන් රැසක් සිදුවුනා.උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් ආදී කාර්යන් ඒ රජය විසින් සිදුකළා.නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහාය සතුටුදායක විදිහට සිදුවුනේ නැහැ.ඊට හේතුව එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විතරක් නෙවෙයි අතුරුදහන් වූවන් සම්බන්ධයෙනුත් අපි රජයෙන් තවමත් ප්‍රශ්න කරමින් සිටිනවා.
යුද්ධය අවසන් වූ අවස්ථාවේදී ආරක්ෂක හමුදාවට බාරවූ බොහෝ අය තවමත් අතුරුදහන්.ඒ අයට සිදුවූයේ කුමක්ද කියන එක විශාල ප්‍රශ්නයක්.යුද්ධය පැවති අවස්ථාවේදී මියගියපු අය ඉන්න පුළුවන්.ඒ වගේම රටෙන් පැනගත්ත අයත් ඉන්න පුළුවන්.නමුත් අතුරුදහන් වූවන් ගැන ඔවුන්ට සැබැවින්ම සිදුවූයේ කුමක්ද වග සොයාගත යුතුයි.මේ සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් මත සාධාරණ විමර්ශනයක් සිදුවිය යුතුයි.එවිටයි ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ.යැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"2015 වසරේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේම අනුග්‍රහය සහ සම අනුග්‍රහය මත සම්මත කරගත් යෝජනාවෙන් මිදීමට ශ්‍රීලංකා රජයට නොහැකි බව" හලෝ ඒකාලේ තිබුණේ පරගැති ආණ්ඩුවක්... ඔවුන් දෙමළ ඡන්ද බලාගෙන රට පාවා දුන්නා. ඒ පාවාදීම රටේ ජනතාව ලක්ෂ 69 ප්‍රතික්ෂේප කළා. පාවාදීම අනුමතකලේ දෙමළුන් සහ දෙමළුන් වගේ සිටින එජාප සිංහලයින් පමණයි. දැන් සිංහල අපි ඒ පාවාදීම වෙනස් කරනවා. එයට නුඹලාගේ කැමැත්ත වුවමනා නැත...
හරියට හරි.
අනේ ඉන්න අපේ ලේ රත් නොකර... ඇමරිකාව යුද්ධ ප්‍රකාශ කරනකොට මැදපෙරදිග ඔය කියන ජිනීවා මානව හිමිකම් කවුන්සිල.. ඕවා කොහේ ගහගෙනද හිටියේ? ඔය කෝකත් සද්ද දාන්නේ භෞතික සම්පත් තියන පොඩිපොඩි රටවලට විතරයි.
ජිනීවාවලින් ද්‍රවිඩ ජනතාවට මොකුත්ම වෙන්නේ නැහැ. දැන් යුද්ධය ඉවර වෙලත් අවුරුදු දහයටත් වැඩි. යමක් වෙනවා නම් දැනටම වෙලා ඇති. අර ඉඩම් ටික නිදහස් කළෙත් ශ්‍රී ලංකා රජයෙන් මිස ජිනීවාවලින් නොවේ. තව දුරටත් දෙමළ ජනතාව ගොනාට අන්දන්න එපා. දැක්කා නේද සම්බන්ධන්ට ලැබිච්ච වරප්‍රසාද ?
"උම්බෑ" කියල කෑගහනකොට දැන ගන්නවා ගොනා බව. කට පියාගෙන හිටියොත් තව ටික කලක් ඉන්න පුළුවන් වේවි. ගොනා බව දැන ගත්තොත් වැඩේ කෙළවෙයි.
රජයේ පිළිතුර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවාලු.. හොඳයි රජය පිළිතුරු නොදුන්නොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ නැහැ නේද? සිංහල රටේ සිංහල බෞද්ධ 69 ලක්ෂයක් එක පැත්තකට වුණා අනික් පැත්තට සුජාතිකයින් ලක්ෂ 55ක් එක් වුණා. මේ ගොඩට සිංහල බෞද්ධ කියාගන්න සුළු ජාතීන්ද අයිතියි. සිංහලයනි, මේ බන්දනය කඩාගන්න එපා කිව්වා නේද? රන්ජන් බබා කෙනෙකුට කියනවා රනිල් ජනාධිපති වුණානම් බෞද්ධයින්ට දෙන හැටි බලාගන්න තිබුණා කියලා.