(අංජුල මහික වීරරත්න)
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට කොළඹට පැමිණ හෙට (04) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය ඇමතිනිය හමුවීමෙන් පසුව යාපනයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයක් ගැන දේශපාලනයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගෙන පවතියි.
අද (03) වන විටත් යාපනයේ රැදී සිටි විජයකලා මහේෂ්වරන් මහත්මිය හෙට දිනයේ කොළඹට පැමිණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවන්නේ මේ පසුබිම යටතේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කු කරන්නැතිව හෙලිකොප්ටරේ උදෙන්ම යවන්න. පව්නේ පාරේ බස් එකේ ගෙන්වන එක.
හොද උපදෙස් ටිකක් හම්බ වෙයි...
අනේ සර් මන් එහෙම එකක් කිව්වේ නෑ. පත්තර කාරයෝ වරද්දලා දාල.
මහේෂ්වරන් මන්ත්‍රීවරිය ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා යලිත් මෙවැනි මෝඩ කතා නොකරන බවටත් කරන ලද කතව වැරදි බවටත් ප්‍රසිද්ධියේ සමාව ගතයුතුයි
හෙට අපේ අගමැතිතුමා කියයි .. අයියෝ ඕක මොකක්ද විහිලුවටනේ කිව්වේ කියලා.................
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට පමණක් නොව ජාතිවාදය අවුළුවන සියලුදෙනාටම දඩුවම් දිය යුතුය. උතුරේත් දකුණේත් සමහර දේශපාලකයන්ට ජාතිවාදයෙන් තොර දෙසපලනයක් නැත.
නංගියේ මතක ඇතිව මදුවැල් කැද කෝප්ප දෙකකුයි, කිරි හට්ටියකුයි, පැණි මුලකුයි රැගෙන ගියොත් හොදා.
මොනව වෙන්නද? ඔලුව අතගාල ආපහු යවයි.
වැඩක් වෙන එක්ක නැහැ , මම දන්නේ නැහැ, මට මතක නැහැ කියලා කියන්න කියයි.
වෙන්න යන දේවල් අපිට දැම්මම හිතා ගන්න පුළුවන්.
පොලිසිය හරියට වැඩ කරනවා නම් ඔය විනය පරීක්ෂණ කරන්න පෙර මේ මනුස්සය අත්අඩංගුවට අරගන්න ඕනේ , මෙයාට විරුද්ධව පොලිස් මුලස්ථානයට පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා , විද්‍යුත් මාධ්‍ය වලින් ඔප්පු කළහැකි සාක්ෂි තිබෙනවා , පක්ෂයේ විනය පරීක්ෂණ වලට වැඩිය රටේ නීතියට මුල් තැන දිය යුතුය.
පොඩි කට වැරදීමක්......... ආයෙත් මෙහෙම කියන්න එපා නගෝ කියලා ඔලුව අත ගාලා ආපසු යවාවිද දන්නේ නැහැ .
මොනවද මේ කියන කතා... කට පරිස්සම් කරගන්න නගෝ... හස්බන්ඩ් මරුනෙත් ඔය යාළුවන්ගෙන් නේද?
ද්‍රවිඩ ජාතික පිරිසක් ද්‍රවිඩ ජාතික දැරිවියක් දුෂණය කලත් එකට වැරදිකරෝයෝ සිංහල අපි , කොටින්ගේ කාලේ බංකර් වල කාන්තාවන් දහස් ගණනක් කොටි සාමාජිකයන් අතින් දුෂණය වුන එක ගැන දැන් මේ ගොල්ලට අමතක වෙලා.