(නිමල කොඩිතුවක්කු)
අවුරුදු 13 ක අධ්‍යාපනය සහතික කිරිම ඇතුලූ වත්මන් රජය ගෙන යන අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් මාධ්‍ය කටයුතු කිරිම සම්බන්ධයෙන් තමා කණගාටුවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (20) පැවසීය.
අධ්‍යාපනය නවීණ කිරිමේ වැඩසටහනට එරෙහිව කටයුතු කරන ඇතැම් මාධ්‍යවේදීන්ගේ අරමුණ කුමක්ද කියා තමන් නොදන්නා බවත් මෙම වැඩසටහන් සම්බන්ධයෙන් ඉදිරියේදි ඒ අයගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවති උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
එහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අපි විශාල වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා. මේ සියලූ කාර්යන් එක්ක මේ රටේ අධ්‍යාපන ප‍්‍රමිතිය ඉහළ නැංවීම සදහා අපි කටයුතු කළ යුතුයි. අධ්‍යාපන ප‍්‍රමිති පනත මගේ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ඉදිරිපත් කරනවා.
ඒ සමගම ගුරුවරු බඳවා ගැනීම, ගුරුවරු පුහුණු කිරීම, නුපුහුණු ගුරුවරුන් බඳවාගැනිම තහනම් කිරිම, අවුරුදු 13 ක අධ්‍යාපනය සහතික කිරිම ඇතුලූ වැඩසටහන් සියල්ලම අපි නිතියෙන් ඉදිරිපත් කරනවා.
මම සාමාන්‍යයෙන් මාධ්‍යයට දොස් කියනවා. ඒත් මෙම අවස්ථාවේ මාධ්‍යයේ සම්පූර්ණ සහයෝගය අපිට ලැබිලා තියෙනවා. හැම මාධ්‍යයෙන්ම කියලත් කියන්න බැහැ. ඒත් ප‍්‍රධාන මාධ්‍ය ගණනාවකින් මේකට සහයෝගය ලැබිලා තියෙනවා.
මෙම අධ්‍යාපන ප‍්‍රමිති පනත ගැනත් අවුරුදු 13ක අනිවාර්ය අධ්‍යාපනය ලබා දෙන එක ගැනත් සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ඉක්බාල් ලතාස් විරුද්ධව ලියපු එක ගැන මම කණගාටු වෙනවා.
(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
රජය ගෙන යන අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව මාධ්‍ය මගින් ප්‍රචාරය වුවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළදීම ඇතැම් මන්ත්‍රීවරුන් කරන අවිනීත වැඩ ගැන මාධ්‍ය විවේචනය නොකරන්නේ මන්ද? උගතුන්, බුද්ධිමතුන් නිදිද? ස්වාධීන මාධ්‍ය සම්බන්ධව කොතරම් හඬ නැගුවත් එය වචනයට පමණක් සීමාවී ඇත. බොහෝ මාධ්‍ය ආයතන සහ හිමිකරුවන් පක්ෂග්‍රාහීය.
දැනුම තමයි ලෝකය වෙනස් කරන්නේ. ජීවිතයට අලුත් දැනුම ඉතා වැදගත්. එහෙත් අලුත් දැනුමෙන් පමණක් ජීවිතය ජයගන්න පුළුවන්ද? සතුට, ජයග්‍රහණ ලබාගන්න හැකිද? මිනිසාට අවශ්‍ය වෙන්නේ දියුණු වීමද, සිතට සතුටක් ලබා ගැනීමද කියලා. බොහෝ දේ රැස්කර ගෙන දියුණු වූ මිනිසාට ජීවිතයේ නියම සතුට අහිමි වෙන බව ඔහු කියනවා. අධ්‍යාපනය සාධනීය ආකල්ප සහ මානව ධර්මතා පිළිබඳ අවබෝධය සමඟ එකට බද්ධ විය යුතුය. දරුවන් උදෙසා වූ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය සැබෑ සහකම්පනයෙන් පිරී ඉතිරී යා යුතුය. අද අධ්‍යාපන බිමට පෞද්ගලික අංශය වේගයෙන් අතුල්වෙනවා. නිවැරදිව අධ්‍යාපනය නොලත් අය අධ්‍යාපනය මුදලට විකුණනවා. මේ යථාර්ථය නිවැරැදිව වටහා ගන්න සියලුම රජයන් සමත් වෙලා නැහැ. මේක අවාසනාවක්. ඊටත් වඩා නරක දේ තමයි දේශපාලනය ඇතුල් වීම. මෙහි අනිවාර්ය පිළිතුර තමයි විභාග මානසිකත්වය... මේ සම්බන්ධයෙන් රට තුළ විද්වතුන්ගේ සාකච්ජාවක් අවශ්‍යයි.
නාටාමි ක්‍රමය වෙනස් කරන්න. විෂයයන් ගණන අඩු කර ළමයින්ට පීඩාව අඩු කරනු මැනවි.
සෑම ශිෂ්‍යයෙකුටම වසර 13 තෙක් අධ්‍යාපනය ලබා දීම ඉතාමත් හොඳ ක්‍රියාවකි. එසේම වසර 13 තෙක්ම දෙවන භාෂාව මෙන්ම ආගම විෂයද අනිවාර්ය කලයුතුයි.
ජාති ආගම් වලින් නොබෙදුණු විවෘත මනසකින් හිතන චින්තනයක් සහිත අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි