IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රංජන්ට එරෙහි නඩුවේ විභාගය කල් යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
වග උත්තරකාර පාර්ශ්වය මතු කළ විරෝධතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විභාගය මාර්තු මස 26 වනදා දක්වා කල් තැබීමට අද (30)  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


එම විභාගය  සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (30) තෙවැනි වන දිනටත් ආරම්භ විය.
 
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා විසින් පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශය කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ පට දෙකක් සාක්ෂි වශයෙන් මෙහෙයවීමට අවසර ඉල්ලා සිටියේය.


එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පැමිණිල්ල විසින් මෙහෙයවීමට උත්සාහ කරන වීඩියෝ පට වල පිටපත් තමන් වෙත ලබාදී නොමැති බව කියා සිටියේය.
 
සාක්ෂි විශේෂ ආඥා පනතේ විධිවිධානවලට අනුව මෙවැනි සාක්ෂියක් මෙහෙය වීමට දින 45 කට පෙර  අදාළ වීඩියෝ දර්ශන තමන් වෙත ලබාදිය යුතු බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා එම නීතිමය ප්‍රතිපාදනය නීතිපතිවරයා විසින් අනුගමනය කර නොමැති හෙයින් මෙම සාක්ෂිය මෙහෙයවීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව කියා සිටියේය.
 
එම විරෝධතාව පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම සාක්ෂිය මෙහෙයවීමට අද දින අවසර ලබා නොදුන් අතර නඩු විභාගය කල් දැමීමට තීරණය කළේය.


එලෙස සාක්ෂි වශයෙන් මෙහෙයවීමට අපේක්ෂා කරන වීඩියෝ දර්ශන වල පිටපත් වගඋත්තරකාර පාර්ශවයට භාරදීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් අනතුරුව නඩු විභාගය මාර්තු මස 26 සහ 27 දින වලට කල් තබන බවද  නියෝග කළේය.
 



අදහස් (0)

රංජන්ට එරෙහි නඩුවේ විභාගය කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site