ලන්ඩන්හිදීය (රොයිටර්)
යුග දිවියට එළැඹි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකෙල් ඔවුන්ගේ මධුසමය දින කිහිපයකට ප්‍රමාද කර තිබේ.
රාජකීය කාර්ය කිහිපයක් හේතුවෙන් ඔවුන් මෙලෙස මධුසමය ප්‍රමාද කර තිබේ. එයින් පළමුවැන්න හැරී කුමරුන්ගේ පියාගේ 70 වැනි උපන්දිනය වෙනුවෙන් සංවිධානය කර තිබෙන විශේෂ සාදයයි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරුගේ 70 වැනි උපන්දිනය නොවැම්බර් 14 වැනි දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ එළිමහන් සාදයක් සංවිධානය කර තිබේ. බකිංහැම් මාලිගයේ එළිමහනේදී මෙම උපන්දිනය සාදය මැයි 22 වැනිදා පැවැත්වේ.
මෙම රාජකීය සාදය හැරී කුමරුන් සහ මේගන් මාකෙල්, සසෙක්ස්හි ආදිපාද සහ ආදිපාදවරියා ලෙසින් සහභාගී වන පළමු නිල රාජකීය උත්සවය ද වනු ඇත. චාල්ස් කුමරුගේ බාල පුතු වන හැරී කුමරු බ්‍රිතාන්‍යය රාජකීය කිරුළේ හයවැනි උරුමක්කරුය.
(055)
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකීය වගකීම් හේතුවෙන් නව යුවළ මධුසමය කල්දමති
ජගත් ලියනගේ Sunday, 20 May 2018 03:50 PM
උපන් දිනය නොවැම්බර් 14 නේද? ඉතිං දැන්ම මොකද මධුසමය කල්දමලා තියෙන්නේ? පව් අහිංසක කොල්ලා. මදැයි, කාලාන්තරයක් බලන් හිටියා...
chandadasa Sunday, 20 May 2018 04:51 PM
ලියනගේ මහත්තයෝ, වෙන්න ඕනෑ නස්පැත්ති ටික වෙලා ඉවරයි. මොන මධු සමයන්ද?
Mohamed Riswan Sawdi Sunday, 20 May 2018 03:55 PM
මේ පුවතේ හැටියට නොවැම්බර් 14 දක්වා මධුසමය කල්දාලද?
පිටිගල මිලානෝ Sunday, 20 May 2018 04:55 PM
එහෙමයි කියලා මේ අයට අලුතෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.
Perera Sunday, 20 May 2018 06:43 PM
මේ රටවල්වල සමහරුන් ළමයින් හම්බවුනාටත් පස්සේ කසාද බැඳලා ඊටපස්සේ මධුසමයට යනවා!!! මේ අයත් එහෙම අයද දන්නේ නැහැ.
ranjith Monday, 21 May 2018 02:35 AM
පුදුමය නම් මෙපමණ සම්ප්‍රදායික රැජිනත් මේකට අනුමැතිය දීපු එකනේ. ඔය රජ පවුල පිළිබද තිබුන පොඩි සැලකිල්ලත් දැන් මට නැත
BamunuarachchiMonday, 21 May 2018 01:35 PM
මේ රජ පවුලට මගේ තිබුණේ විශාල සැලකිල්ලක්... නමුත් මොවුන් සාමාන්‍ය පවුල්වලින් විවාහ වෙන්න ගත් දින සිට ඒ සැලකිල්ල නැති වුනා. එඩ්වඩ් කුමරුට කළා වගේ මොවුන් රජ පවුලෙන් අයින් කරන්නයි තිබුණේ..
gamini Monday, 21 May 2018 03:47 AM
අපේ අය නම් උපන්දිනේ කල්දානවා.
Sunil Monday, 21 May 2018 05:20 AM
අතීතය කල් දැමිය හැකිද?