IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ශ්‍රී ලංකා ශාඛාවක්

හර්ෂණ තුෂාර සිල්වා

‘බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය - ශ්‍රී ලංකා සාමාජිකයෝ‘ සංගමය ආරම්භ කිරීම අද (3) ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවැත්විණි. 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතාගේ නිල නිවස වන ‘වෙස්ට්මින්ස්ටර් හවුස්’ හි පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සුප්‍රකට ගෘහනිර්මාණ ශිල්පී ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහතා සහභාගි විය.

ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිලපීන්ගේ ආයතනයේ හිටපු සභාපති ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂා ප්‍රනාන්දු මහතා මෙම උත්සවයේ ගෞරවනීය ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වූවේය. 

බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය හිමිකරගත් ආසියා ශාන්තිකර කලාපයේ දෙවැනි රට වනුයේ ශ්‍රී ලංකාවයි. 

මෙහිදි බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ සභාපතිනි ජේන් ඩන්කන් මහත්මිය ශ්‍රී ලංකාවට එම ආයතනයේ සාමාජිකත්වය පිරිනමමින් බලපත්‍රය හා ලාංඡනය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය - ශ්‍රී ලංකා සාමාජිකයෝ සංගමයේ සභාපතිනි නෙලා ද සොයිසා ද මහත්මිය වෙත පිරිනැමුවාය

මෙහිදි බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය වෙනුවෙන් සහ ගෘහ නිර්මාණය ශිල්පය වෙනුවෙන් කළ සේවය අගයමින් ජේන් ඩන්කන් මහත්මිය ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂා ප්‍රනාන්දු මහතාට ‘ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ ජනාධිපති පදක්කම’  පැළැඳවීය.

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (1)

රාජකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ශ්‍රී ලංකා ශාඛාවක්

lalith Thursday, 03 August 2017 06:04 PM

මේ නෝනලා මහා රැජිනටත් වැඩියෙන් රාජකීය පාටයිනේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site