(අනීෂා මානගේ)
ඖෂධ වර්ගයක් පානය කිරීම නිසා රෝගාතුර වී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක පස්මස් ගැබිණියක් බව රෝහලේදී අනාවරණය වී ඇත.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු පහලොවක දැරියකි.
පසුගිය 01 දින කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීම නිසා රෝගාතුර වූ දැරිය බෙලිඅත්ත දිස්ත්‍රීක් රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරුකර යවා තිබේ.
මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි සැකකරන පුද්ගලයා අද (03) බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු 34 හැවිරිදි අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉස්සෙල්ලත් කිව්වනේ. තංගල්ල පැත්ත දැන් නොටෝරියස්! අපරාධවලට කප් ගහල !තංගල්ලේ මිනිහෙකුව ගෙදරටවත් ගන්න වටින්නේ නැහැ!
අනිච්චං, දුක්ඛං සංසාරේ... ඉස්කෝලෙ ළමයට වෙච්ච දේ..