(දයාරත්න ඇඹෝගම)
රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරිහූ පිරිසක් අද (19) සභා රැස්වීම පැවැත්වෙන අතරතුරදී උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල වැටලූහ.
විරෝධතාකරුවන් මාසික රැස්විම පැවැත්වෙමින් තිබු පළාත් සභා ගොඩනැගිල්ල තුළට කඩා වැදිම වැළැක්වීම සඳහා ආරක්ෂක නිලධාරිහු ගොඩනැගිල්ලේ දොරටු වසා දැමුහ.
ප්‍රධාන දොරටුව අභියසට පැමිණි විරෝධකරුවෝ හු කියමින් දොරටුව විවෘත කරන ලෙස කෑ ගැසූහ.
රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ සභාපති අසංක රූපසිංහ මහතා පැවසුවේ උපාධිධාරි ගුරුවරුන් , ඩිප්ලෝමාලාභි ගුරුවරු හා සංවර්ධන නිලධාරින් බඳවා ගැනිමට මාර්තු මාසයේ විභාගයක් පවත්වා ජූලි මාසයේ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ නමුත් මේ වන තෙක් පත්වීම් නොලැබුණු බවයි.
“අපි අහනකොට කියනවා එක්සත් ජාතික පක්ෂයේ කස්තුරි අනුරාධනායක මහතා මේ සම්බන්ධයෙන් නඩුවක් පවරලා තියෙනවා කියලා.“යැයි ඒ මහතා කීය.
මෙම නඩුව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ එජාප මන්ත්‍රි නිතිඥ කස්තුරි අනුරාධනායක මහතා පැවසුවේ රැකියා ලබාදීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරෝධතාවක් නොමැති නමුත් මෙම රැකියා ලබාදිම සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන ඇමතිවරයා ක්‍රියාකළ නිති විරෝධි ක්‍රියාමාර්ගයට විරැද්ධව තමන් එකඟ නොවු නිසා නඩු පැවරූ බවත්ය.
විරෝධතාකරුවන් හය දෙනකු සමග සාකච්ජා කිරිමට ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදි එකඟ වූ අතර ඒ අනුව නඩුව සමථයකට පත් කරගැනීමෙන් පසුව පත්විම් ලබාදිමට ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදි එකඟ විය.



COMMENTS
මෙවැනි ක්‍රියා අයත් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ගණයට නොවේද? මෙවැනි අයට ගුරුවෘත්තිය ගැලපේද ?
"විරෝධකරුවෝ හූ කියමින් දොරටුව විවෘත කරන ලෙස කෑ ගැසූහ...". ඕකනේ කියන්නේ. ඇයි දරුවනේ, හූ කිව්වේ? ඇමතිතුමා හිතන්න ඇති තවම විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා නැති කට්ටිය කියල.
පෞද්ගලික අංශයේ රැකියා වලට ඉල්ලුමේ කරන්නේ නැද්ද??
කොහේ තිබෙන නීතියක්ද? ඇයි පුද්ගලික අංශයේ රැකියාවකට ඉල්ලුම් නොකරන්නේ ? හැමෝම හිතන්නේ මහජන මුදලින් ඉගෙන ගෙන ඊළඟට අයිස් ගහන්න රජයේ රැකියාවක් ලබා ගන්න .
අපට රැකියා ලබා දෙන්න. හොර ලිස්ට්වලින් කඩේ ගිය අය නොගන්න. මෙහෙම කිව්වනම් හරි නේද? පෝස්ටර් ගහන අයට හොරෙන් රැකියා දෙද්දී, ගොට්ටෝ ටික පුහුණු සේවකයෝ විදියට අරගෙන ටික කාලෙකින් ස්ථිර කරද්දී කට වහගෙන ඉන්න මිනිස්සු මේවට හුල්ලනවා. වරද දකින්නේ නෑ, පෙන්නන ඇගිල්ලේ ඇදය ගැන හොයන්නේ.
උපාධිධාරියෙක් වූ පමණින් රැකියාවක් දෙන්න රජයක් බැඳී නැහැ. උපාධි නොලත් අය කොපමණ පෞද්ගලික ක්ෂේත්‍රයේ සහ රජයේ වැඩ කරනවාද. මේ අය මෙසේ රැකියා සොයාගන්නේ නම් ඔබලාට බැරි ඇයි කියා සොයා බලා ඒ අඩුපාඩු හදාගන්න. ඉස්කෝලේ ඉංග්‍රීසි පන්තිය කට්ටි පැන, මුලික පරිගණක සහ දත්ත සංචිත හැසිරවීමවත් කම්මැලිකම නිසා ඉගෙන නොගෙන, කුලෑටිකම නිසා ඇසට ඇස අනෙකාගේ නොබලා කතාකරන අයට උපාධියක් ගත්ත පමණින් රැකියාවක් දෙන්න ව්‍යාපාරිකයෝ සහ ආයෝජකයෝ සැදීපැහැදී නැහැ. දියුණු රටක පවා රජයේ රැකියා ඇත්තේ සීමිතව නිසා ඒවා බලාගෙන ඉඳීම කම්මැලියාගේ හීනයක්.
පුද්ගලික තරහකට මේ පත්වීම් දෙන එක හිත මත නවතන්න නඩුවක් දාලා තියෙන්නේ. මහා ඇමති මේ ගුරු පත්වීම් දෙන්න යන්නේ 8 පස්ස අයට නෙමෙයි. අදාළ සුදුසුකම් තියෙන පිරිසට. නමුත් මෙතෙන අසාධාරණයක් වෙලා තියෙනවා....ඉවසලා බැරිම තැන තමයි මෙහෙම දෙයක් කරලා තියෙන්නේ...... දැන් ඒකේ දිග පළල හොයන්න එන එපා මහතයෝ. උගත් බුද්දිමත් මිනිස්සුන්ට රට පාලනේ කරන්න දුන්නම් මෙහෙම දේවල් නොවෙන්න තිබ්බ.
මහජන මුදලින් පිනට ඉගෙනගෙන මහජනතාවගෙන්ම පින් පඩි බලාපොරොත්තු වන්නේ ඇයි? රටේ අදායම වැඩි කල හැකි පුද්ගලික අංශයේ රැකියා කරන්න කම්මැලි නේද?
දියුණු රටවල විශ්ව විද්‍යාල සිසුන් එම කාලය අතරතුර විවිධ රැකියා කරමින් තමයි ඔවුන්ගේ අධ්‍යාපනය කරගෙන යන්නේ. ඒ නිසා ඔවුන් තම උපාධිය සම්පුර්ණකර ගන්නා විට වෙළඳ පොලේ පවතින විවිධ රැකියා වල නියුක්තවී ඇති, ප්‍රයෝගික ජීවිතය තුල බොහෝ අත්දැකීම් ඇති, බුද්ධිමත් පිරිසක්. ඒ වගේම ඔවුන්ගේ න්‍යායාත්මක දැනුම ප්‍රයෝගික ජීවිතයට ගලපා ගැනීම පිලිබදවත් ඔවුන් දැනුවත්, උපාධියක් අතේ තිබුණු පමණින්, රජය රැකියාවක් ලබාදීම අනිවාර්යයි කියන පටු සිතිවිල්ලත් ඔවුන් තුල නැහැ. අවාසනාවකට අපේ රට තුල උසස්පෙළ සමත්වී විශ්ව විද්‍යාලයට තේරී පත්වෙන සිසුන්, ඔවුන් සියල්ල දත්ලා ලෙස හැසිරෙමින් , උද්ද්දච්ජ ස්වභාවයක් මවා ගෙන ලෝකය ගැන සුන්දර සිහින දකිමින් හිඳ, විශ්ව විද්‍යාලයෙන් උපාධිය රැගෙන පිටවී, ලෝකයට පය ගසන විට නන්නත්තාරවී, මන්මුලාවුවන් ලෙස සිටීමට සිදුවනු දැකීම අපට නම්,අරුමයක් නොවේ. මහපාරේ රැලේ ගිය පමණින් අනුන්ගේ හෝ තමන්ගේ ඉරණම වෙනස් කල නොහැකි බව අවබෝධ කරගෙන, සමාජයට හානියක් නොකර මින් ඉදිරියටවත් ක්‍රියා කරන්න
රජයේ ආයතන වටලලා රැකියා ලබා ගන්න තියරිය අපි දැනගෙන හිටියේ නැහැනේ? ජනතාවගේ මුදලින් උගන්වලා, ජනතාවටම පඩි ගෙවන්න කියලද මේ අය මේ කියන්නේ? අපි දන්නා විදිහට විනයක් නැති අයව ගුරු වෘත්තියට තියා මාළු කඩේකටවත් වද්ද ගන්නේ නැහැ.
තමන්ගේ සුදුසුකමට රැකියාවක් හොයනවා වෙනුවට, තමන් රැකියාවකට සුදුසුද කියලා මේ උපාධිධාරීන් සිතා බැලුවොත් හොඳයි. ලංකාවේ විශ්ව විද්‍යාලේ තවම එතන වුනාට, ලෝකේ එතනින් එහාට ගිහින් ගොඩක් කල්...
එතකොට, මහපාරේ හූ කියමින් පෙරහරේ ගමන් කිරීම හා අට්ටාල ගසාගෙන මහපාර මුර කිරීම රැකියාවකට සුදුසු කමක් නොවේද? මහපාරවල් වල මෙච්චර හූ කියලා වත් ලංකාවේ රජයේ රැකියාවක් ගන්න බැරිනම්, ඒ මහන්සියෙන් ඇති පලේ මොකක්ද? මේ අය විශ්ව විද්‍යාලේ තුල ප්‍රගුණ කල, දේශපාලන සරණ යාම හැර අන් කවර සරණක්ද?
අපේ බදු සල්ලි වලින් පිනට ඉගැන්නුවට පස්සේ තව බදු සල්ලි වලින් පින් පඩි දෙන රස්සවලුත් දෙන්නද කියන්නේ....
මේගැන නොදන්නා අය කම්මෙන්ට් නොදා ඉන්න.