IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යශෝධ රංගේ බණ්ඩාරගේ නඩුව කල් යයි

ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු
 
හලාවත, බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදුකර නිවසකට අලාභ හානි සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර නඩුව ලබන 24 වැනි දා නැවත කැඳවීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රත් මංජුල රත්නායක  මහතා අද (5) නියෝග කළේය.


පසුගිය 14 වැනි දා යශෝධ රංගේ බණ්ඩාරව හලාවත දිසා විනිසුරුවරයා විසින් රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.


පසුගිය 26 වැනි දා මෙම නඩුව යළි කැඳවූ විට අලාභ හානි වූ නිවස ජූලි 5 වැනි දා ට පෙර සාදා නිම කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර එදින දක්වා නඩුව කල් තැබිණි.


අනතුරුව මෙම නඩුව යළි කැඳවීම මෙම මස 24 වැනිදා දක්වා කල් තැබීමට දිසා විනිසුරුවරයා නියම කරන ලදි.



අදහස් (7)

යශෝධ රංගේ බණ්ඩාරගේ නඩුව කල් යයි

Mahee Thursday, 05 July 2018 06:12 AM

ලංකාවේ දරුවන් පමණක් නොව නඩුද බාල ගිරි දෝෂයෙන් පීඩා විඳිති.

:       0       20

Raveendra Thursday, 05 July 2018 06:34 AM

අනේ මේ අහිංසක දරුවට උන දෙයක් හැබෑට ....වොඩ්කා බෝතලයක වතුර ටිකක්වත් දමාගෙන නිවී හැනහිල්ලේ කෙනෙකුට අද සමාජයේ යන්න බැරි හැටි....අපරාදේ අර පුතලම් සත්තු ටිකත් කොහෙවත් යන මිනිස් බුරුවන් නිසා ඇනුම්පද අහනවා..පව් අහිංසක තිරිසන් සතුන්.

:       0       1

Nuwan Thursday, 05 July 2018 07:13 AM

කල් නෙමේ නොඇසීමට යයි................

:       0       5

Senarath Thursday, 05 July 2018 07:22 AM

ටයි කෝට් වලට ගිය කල. දැන් කවුරු හරි ටයි කෝට් ඇදල යනවා දැක්කම මිනිස්සු හිතන්නේ, ඒ හොරෙක් හරි අමු මදාවි කාරයෙක් හරි කියල.

:       0       86

KANDEPOLA Thursday, 05 July 2018 07:29 AM

ඔය නඩු කොහොමත් කල් යයි.

:       0       5

Hafeel Thursday, 05 July 2018 08:54 AM

වොඩ්කා පානිය ජලය බීපු නිසා වෙච්ච හානිය.

:       0       8

Raveendra Thursday, 05 July 2018 10:31 AM

සෙනරත් මයා වෙත, ඔබගේ අදහස් අප 200% අගයන්නේය. ඇත්තෙන්ම අද සමාජයේ වැඩිපුරම ටයි, කෝට් ඇගලාගෙන සිටින්නේ කාලකන්නි තක්කඩි පාදඩයන් බවට මෙයද හොද උදාහරණයකි. එමෙන්ම දියවන්න ඔයේ ලැගල ඉන්න අයත් අපගේ ජාතික ඇදුමින් සැරසී හැසිරෙන්නේ තක්කඩි පාදඩයන් විදියටම වීම අභාග්‍යයකි. අඩු තරමින් අදින වස්ත්‍රයටවත් වටින්නැති අලුගුත්තේරුවන් රැලකි.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site